sara-jasmin-live

‘යුක්තිය සඳහාම පමණයි‘ සංවිධානය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් මේ සමග පළවේ.


"දැන් මේ 2023 අප්‍රේල් 21ට ඔන්න මෙන්න තියලා පිටපත් එළියට ආවා. සාරා ජස්මින් මැරුණා කියලා. මේක පාස්කු ප්‍රාහාරය එල්ල කරපු එකට වඩා බරපතල ප්‍රකාශයක්. ශ්‍රී ලංකාවේ යුක්තිය, නීතිය සම්බන්ධයෙන් ඉතාම බරපතල සැක සංකා මතු කරන අවස්ථාවක්.



සාරා මැරුණද නැද්ද බලන්න එක DNA එකක් කලා, දෙවෙනි එක කලා තුන්වෙනි එක කලා. තුන්වෙනි එකෙන් ඒ ගොල්ලෝ සැටිස්ෆයිඩ්. ඒ නිසා උසාවිය හරහා DNA වාර්ථා එළියට එන එක පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිස්සියේ මාධ්‍ය සාකච්ඡාවක් දාලා දැන්වුවා. ඇයි අපි තුන් වෙනි එක පිළිගන්නේ. අපිට ලොකු සැකයක් තියෙනවා මේ උත්සහ කරන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හොයන එක පැත්තකින් තියලා මේකට සම්බන්ධ සියළු දෙනාම මුදා හැරීමේ උත්සාහයක්ද මේ කරන්නේ කියලා.

2019 ජනවාරියේ වනාත විල්ලුවේ බෝම්භ හොයාගත්ත එක ගැන. ඒකෙ ප්‍රධාන සැක කාරයෙක් කපූර් මාමා. ඔහු පාපොච්චාරණයක් දාලා තියෙනවා. ඒක ගැන යන අතුරු නඩු විභාගයේදී බරපතල සැකයක් ඇති වෙන කාරණයක් එළියට ආවා අත්සන් අරන් තියෙන්නෙ පස්සෙද කියලා.

සහරාන්ගේ බිරිඳ ප්‍රධාන සාක්කිකාරියක් වෙනවා. එක තැනක විත්තිකාරියක් වෙනවා. මේ ඔක්කොම පරස්පර ප්‍රකාශ, මේ විමර්ශන වැඩක් නෑ කියලා ඔකොම කට්ටිය එළියට එයි. සාරා ජස්මින්ට ලංකාවෙන් පණින්න උදවු කරනවා, හැංගෙන්න උදව් කරා කියලා කිහිප දෙනෙක් අත්ඩංගුවට ගත්තා. එක්කෙනෙක් තමයි අබුබකර් කියන පොළිස් නිලධාරියා. ඔහුට පසුගිය සතියේ ඇප හම්බුනා. නීතිපතිවරයා විරුද්ධවුනා ඇප දෙනවට.



කොළඹ අපරාධ කොට්ඨාශයේ සීසීඩී එක. අබුබකර්ව අත්ඩංගුවට ගත්ත එකට මොකද කියන්නේ. සාර පැහැරගෙන ගියා කියලා තහවුරු කරගෙන නෙමෙයිද  අත්ඩංගුවට ගැනීම් කලේ. මේ විමර්ශනවලට මොකද වෙන්නේ?

ෆාතිමා හාදියා සහරාන්ගේ බිරිඳ, අනිත් එක්කෙනා ඇප පිට ඉන්න අබුබකර්. මේ දෙන්නගේ ජීවිත අනතුරේ කියලා අපි විශ්වාස කරනවා. ෆාතිමා හාදියාට ඇප දීලා දවස් 2ක් යකම් එළියට දැම්මෙ නැ. ඇයි ඇයව තියාගන්න උත්සහ කලේ? අපි රජයෙන්, ඒ කියන්නෙ මේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ගෙන්ම ඉල්ලනවා මේ ගොල්ලන්ගේ ජීවිත ආරක්ශා කරන්න කියලා."