
කලක් චිත්‍රපට රංගනයට සම්බන්ධව සිටි සිනමා නළු ශෂී විජේන්ද්‍ර මහතා ජාතික ජන බලවේගයේ මාතලේ දී පැවත්වුණු දේශපාලන රැළියකට සහභාගී වී මෙසේ අදහස් දැක්වීය.
"1994 ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා හැටියට සම්මාන ගත්ත වෙලාවෙත් යම් යම් දේශපාලන පක්ෂ වලින් ආරාධනා ලැබුණා. මම කිව්වා අපෝ එපා. අනිවාර්‍යයෙන් කිසිම සැකයක් නෑ මේ පාර මගේ ඡන්දය ජාතික ජන බල වේගයට. අනිවාර්‍යයෙන්ම මම සම්බන්ධ වෙනවා. ඒ දේශපාලනය කරන්න නෙමෙයි.
දේශපාලනය කරපු ඔක්කොම ටික එකතු වෙලා අද අපිට මේ තත්වය උදාකරලා දීලා තියෙනවා. අපේ රට අපිට අවශ්‍යයි. අපිට සමඟියෙන් ඉන්න දුන්නෙ නෑ. අපි හැමෝම වෙන කරා. ඇයි? ඒ ගොල්ලන්ගෙ පුටු ටික බේරගන්න. අපේ චිත්‍රපට කර්මාන්තයේ හැම ජාතියෙම අය හිටියා. ඒකේ ලොකු විචිත්‍රත්වයක් තියෙනවා.
ජාතික ජන බලවේගේ බොරුව නෑ. ජාති වාදේ නෑ. 30න් එහා අය දන්නවා අපි කොච්චර ලස්සනට මේ ශ්‍රී ලංකාවේ ජීවත් වුණාද කියලා. දිගන මුස්ලිම්වරුන්ට ගහපු කාලේ. ජාතික ජන බල වේගය හැරෙන්න අනිත් දෙගොල්ලෝ එක්කෙනෙක් පාලනය කලා අනිත් එක්කෙනා විරුද්ධ පක්ෂේ හිටියා. ඔක්කොම එකයි."
Comments
Post a Comment
Your comment will be visible after approval