school-exam-post-ponned

හෙට (15) පැවැත්වෙන ගුරු වර්ජනය හේතුවෙන් බස්නාහිර හා මධ්‍යම පළාත්වල විභාග කල් දමන බව පළාත් අධ්‍යාපන කාර්යාල දන්වා තිබේ.


බස්නාහිර පළාතේ වසර අවසාන වාර විභාගවලට අදාළව හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පියවර ගත් බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් පවසා තිබේ.


එම තීරණය සියලුම කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේය.
ඒ අනුව 9 ශ්‍රේණියට අදාළව හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ ගණිතය, සිංහල සහ දෙමළ විෂයන්වලට අදාළ විභාග ලබන 21 වැනිදා පැවැත්වෙනු ඇත.
එසේම 10 සහ 11 ශ්‍රේණිවල හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ විෂයන්වලට අදාළ විභාග 22 වැනිදා පැවැත්වීමට යොදා ඇත.




මේ අතර, මධ්‍යම පළාතේ සියලුම පාසල්වල හෙටට යෙදී තිබූ 6 සහ 9 ශ්‍රේණි වාර විභාගය මාර්තු 17 වැනිදාටත්, 10 සහ 11 ශ්‍රේණි වාර විභාග මාර්තු 22 දිනටත් පවත්වන ලෙසට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙයි.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවේ වර්ජන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි.
ගුරු සහ විදුහල්පති සංගම් කිහිපයක් හෙට (15) ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙයි.