නීතීඥ සුනිල් වටගල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
"ස්වාධීන කොමිෂන් සභාවලට ජනාධිපතිතුමාගෙන් විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙන බව අපට මේ වෙලාවේ පේනවා. 17 වෙනි සංශෝධනයෙන් කොමිෂන් සභා හඳුන්වලා දුන්නෙ විධායකය හෙට්ටු කරන්න මට්ටු කරන්න. යළිත් ප්‍රධාන විධායකය බලධාරී වුණා 18 වෙනි සංශෝධනය යටතේ. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ යළිත් මහජන බලය උඩට ඇවිල්ල තියෙනවා.
දැන් මොකක්ද වෙලා තියෙන්නෙ, රටේ ජනාධිපතිවරයා සියළු කොමිෂන් සභා ටික දිය කරන්න හරිනවා.
මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙනී සිටියා. රටේ ජනාධිපතිවරයයි විෂය භාර ඇමතියි සෙට් වෙලා මහජන උපයෝගීතා කොමිසමේ මතය යටපත් කරලා විදුලි බිල වැඩි කිරීමට ක්‍රියාකාරි වෙන්න වුණා.
මැතිවරණය වළක්වන්න ප්‍රධාන කොටම මැදිහත් වෙලා ඉන්නේ රටේ ජනාධිපතිතුමා. කකුල් මාට්ටු නවයක් දාලා දැන් නව වෙනි කකුල් මාට්ටුවේන් මේක අවහිර කරගෙන ඉන්නවා.
නඩු වලට සමහරක් වෙලාවට විධායකයට අණ කරනවා පැය 24ක් ඇතුළත වාර්තා සපයන්න කියලා. එහෙම කරන කොට රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ මානව හිමිකම් කොමිසම තමන්ට අයත් නැති වැඩකට අතගහලා වගේ ප්‍රකාශ කරනවා, මේ කොමිසමේ සාමාජිකත්වය දුර්වල කරන්න. අධිකරණයටත් වෙනත් වෙනත් හෙංචයියන් දාලා තර්ජනය කරන මට්ටමකට ගිහිල්ල තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා තියෙන්නෙ ස්වාධීන නිසා. ඒවට අත තියන්න විධායකයට පුළුවන් කමක් නැහැ."
0 Comments