tania-abeysundara-speaks

ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගෙ සංසදයේ සභාපතිනි ටානියා එස් අබේසුන්දර මහත්මිය මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසුවාය.

"අපේ රට මේ මුහුණපාලා තියෙන ප්‍රශ්නය ඇයි රජයට තේරෙන්නේ නැත්තේ කියන එකයි අපේ තියෙන ලොකුම දුක. හැමෝම මෙතනට ඇවිල්ල ඉන්නෙ තමන්ගේ දුක දරාගන්න බැරිව. රජය පනවලා තියෙන නීති රීති හින්දා මේ රට ඝාතනයට පත්වෙලා තියෙද්දී අපි මේ පත් වෙලා තියෙන තත්වය. මේක විහිළුවක් නෙවෙයිද?



මහ බැංකු අධිපතිතුමාට පුළුවන්නම් ටැක්සස් වැඩි කරන්න, යුටිලිටි බිල්ස් වැඩි කරන්න රජයට තීන්දු තීරණ දෙන්න,ඒ හැම දෙයක්ම කරන්න තහංචි දාන්න පුළුවන්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ වැටෙන තැනට වැඩ පිළිවෙල හදන්න පුළුවන්නම්, ඇයි මෙතුමලට බැරි මේ මිනිස්සුන්ව ගොඬ ගන්න වැඩ පිළිවෙලක් හදන්න.

ඩොලර් එක කොට්‍රෝල් කරල නෙමෙයි උද්ධමනය පාලනය කරන්න ගිහිල්ලා අවපාතයක් ඇති කරල ආර්ථිකය සංකෝචනය කරනවා. අපි ගෙනාපු අමුද්‍රව්‍ය 40% ක් ඉතුරු වෙලා තියෙන්නෙ. අද අප්‍රේල් මාසේ වෙනකොට මේ රටට බඩු ගෙන්වන්න අවශ්‍යතාවයක් නැ.

මේ වෙලාවේ ඩොලර් අවශ්‍ය නැහැ. ඩොලර් අවශ්‍ය වෙන්නෙ ඉම්පෝර්ට් එකක් කරන්න අවශ්‍යනම්. අපේ ඉන්ඩස්ට්‍රීස් වැහුනයි කියන්නෙ මිනිස්සුන්ට අපි රස්සාවල් දෙන්නේ කොහොමද? ඇයි ඔයගොල්ලන්ගේ වියදම් අවපාත කරන්න බැරි."



ව්‍යාපාරිකයින්ට ලබා දීමට නියමිත ණය සහනය පිළිබඳව විමසූ පසු ඇය මෙසේ පිළිතුරු දුන්නාය.



"මහ බැංකු අධිපතිතුමා හැමදාම හඳෙන් ගේන කතානෙ කියන්නේ. අද වෙනතුරු ලැබිච්ච දෙයක් නැහැ. ඒක මහ බැංකු අධිපතිතුමා කියන්න ඕනෙ නැනේ. අපිටත් ගිහිල්ල ගන්න පුළුවන්.  චක්‍රලේඛනයක් නිකුත් කරලා නැ. මේක කියන්නම් කරන්නම් කියන්න මේක ගේම් එකක්ද?

අපි රැකියා 4.5ක් උත්පාදනය කරලා තියෙනවා. රටේ බ්ලූ චිප්ස් කොම්පැනීස් ටික රැකගෙන ඒගොල්ලන්ට ඕන පරිදි නීතිය හදනවා. ඕගොල්ලන් අපේ රුපියල් ටික හූරාකාලා. අපි දැන් බඩගින්නෙනේ ඉන්නේ. අපි බඩු ගෙනල්ලා විකුණන්නේ කාටද? රටේ මිනිස්සුන්ට සල්ලි නැහැ. රුපියල් තමයි නැත්තේ, ඩොලර් තියෙනවා.

මේ ගිරිය යටින් කෑ ගහලා මටම එපා වෙලා. දෙයි හාමුදුරුවනේ මේ මිනිස්සු පිරිමි නේද? පිරිමිකමටත් ලැජ්ජයි."