චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන යෙදුමක් වන ටික්ටොක් ලෝකය පුරා තරුණ පරපුර අතර ජනප්රියවී තිබෙන්නකි. නමුත් එමගින් සිදුවන ඇතැම් දේශපාලනික හා සංස්කෘතික අවභාවිතාවන් ගැන අවධානය යොමු කර විශාල වශයෙන් පරිශීලකයින් සිටින රටවල් එය භාවිතය තහනමට හෝ සීමාවන්ට යටත් කරන්නට කටයුතු කර ඇත.
පසුගිය සතියේ යුරෝපා සංගමය TikTok තහනමක් පැනවීමෙන් පසු කැනඩාවද තහනම් කළේය.
එක්සත් ජනපදයේ මිලියන 100 කට වඩා වැඩි මාසික ක්‍රියාකාරී පරිශීලකයින් සිටින TikTok ඉතා මෑතකදී තහනමට ලක්වනු ඇතැයි තාක්ෂණික ආරංචි හෙලි කර තිබේ.
ඇමරිකාව ටික්ටොක් තහනම් කරන්නට යන්නේ චීන ඔත්තු බලන්නන් ටික්ටොක් හරහා දත්ත ලබාගන්නා බවට හේතු දක්වමිනි.
පරිශීලක දත්ත චීන රජය සන්තකයට පත් විය හැකි බවටත්, වැරදි තොරතුරු පතුරුවා හැරීම සඳහා යෙදුම චීනය විසින් ආයුධගත කළ හැකි බවටත් ඇති බිය නිසා ඇමරිකානු රජයේ නිලධාරීන්ගේ අවධානයට මෙම තීරණය යොමුව තිබේ.
මේ දක්වා රටවල් කිහිපයක් TikTok සඳහා සීමාවන් පනවා ඇත.
2020 දී, දත්ත රහස්‍යතාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු සඳහන් කරමින් ඉන්දියාව TikTok සහ අනෙකුත් චීන යෙදුම් රාශියකට පූර්ණ තහනමක් පැනවීය. ඉන්දුනීසියාවේ, බංග්ලාදේශයේ සහ පකිස්ථානයේ TikTok තාවකාලික තහනමකට මුහුණ දී තිබේ.තායිවානය ද පසුගිය 2022 වසරේ තහනමක් පැනවීමෙන් පසු 2023 දී කැනඩාව සහ යුරෝපා සංගමය තහනමක් පැනවීය. අලුතින්ම එක්වන්න යන්නේ ඇමරිකාවයි.
0 Comments