
රංගන ශිල්පී පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තු සභාව අමතා මෙසේ පැවසීය.
"මැතිවරණය තීරණය කරන්නෙත් ජනතාව තමයි. අපි කොමිසන් සභාවලින් අහන්නෙ නැතුව, මම යෝජනා කරන්න කැමතියි අපි ජනතාවගෙන් අහමු මැතිවරණයක් අවශ්‍යද කියලා. ජනමත විචාරණයක් කියන වචනේ බර වැඩී වගෙ නම් අපි ඩිජිටල් රිපෝට් එකක් ගමු.
අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මේ වේල් තුනේ ප්‍රශ්නේ. හැමදේකම මිල ඉහළ යෑම නිසා අද ජීවත් වීමේ ප්‍රශ්නෙ තමයි හැම මිනිහෙකුටම තියෙන්නෙ. ඒ නිසා නිෂ්පාදන ආර්ථිකේ ගොඩ නඟන්න අපි අවධානය යොමු කරන්න ඕනේ.
හැමදාම පොහොර සම්බන්ධ විසඳුම් එන කොට වැහැලා ඉවරයි, එක්කො පරිසරය වෙනස් වෙලා ඉවරයි. ගොවියෝ බලන් ඉන්නව පොහොර සම්බන්ධව ලබාදෙන නිර්දේශය. මුං කව්පි සෝයාවගේ දේවල් අනුරාධපුරේ ගොවීන් වගා කරනවා. කළින් ලැබිලා තියෙනවා ඒ ගොල්ලන්ට පොහොර සහනාධාරය දැන් ඒක ලැබෙන්නේ නැහැ. 30% ක වගේ ප්‍රමාණයක් අතිරේක භෝග හෙක්ටයාර් එක්ලක්ෂ විසිපන්දහක් වගෙ වගා කරනවා යල කන්නේ. අපිට මේ වෙලාවේ මේ ආර්ථිකේ ගොඩනගන්න වැඩපිළිවෙලට යොදා ගන්න පුළුවන්."
Comments
Post a Comment
Your comment will be visible after approval