veyangoda-incident

වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක නර්තන ගුරුවරයකු එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දී ඇත. 

ශිෂ්‍යාව කිසියම් වැරැදි ක්‍රියාවකට පොළඹවා ගැනීමේ අරමුණින් එම ගුරුවරයා මෙලෙස දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ එවා ඇද්දැයි යන්න සැක කරන බව ද ජාතික ළමාරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක පැවැසුවාය.

ගුරුවරයා විසින් එවන ලද එම පණිවුඩවල තිර ඡායාරූප ලබාගෙන ශිෂ්‍යාව ඒවා සිය මිතුරියන්ට යවා තිබෙන බවට ද තොරතුරු හෙළිවී ඇතැයි ද නිලධාරිනිය කීවාය.  ඒ පිළිබඳව දැනගත් බාහිර පුද්ගලයකු  සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට කළ දැනුම්දීමකට අනුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන අංශය මූලික විමර්ශනයක් ද සිදුකර තිබේ. මේ පිළිබඳව ශිෂ්‍යාවගේ මව සඳහන් කරන්නේ විදුහල්පතිවරයා සිය දියණිය කාර්යාලයට ගෙන්වා බොහෝ දෙනා ඉදිරිපිට ඇයගෙන් විවිධ ප්‍රශ්න ඇසීමෙන් දැරිය කම්පනයට පත්ව සිටින බවය.

 පුෂ්පකුමාර මල්ලවආරච්චි