vidura-vidyalaya-protest

නාරාහේන්පිට විදුර පුද්ගලික පාසල ඉදිරිපිට එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක්  උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
විදුහල්පති සුමනසේකර මහතාට එරෙහිව ඔවුන් අතැතිව පෝස්ටර් තිබුණ අතර ගුරුවරුන් සම්බන්ධ හිඟයක් හා වැසිකිලි ක්‍රීඩා ඇතුළු පහසුකම් සම්බන්ධ ගැටලු ඒවායේ ලියා තිබේ.
 පවත්වන ලද උද්ඝෝෂණය අතරතුර එක් පියෙක් මාධ්‍ය වෙත මෙසේ පැවසීය.



"අපේ දරුවන්ට ප්‍රමාණවත් පහසුකම් නැහැ. හරියට උගන්නන්න ගුරුවරු නැහැ. ඒ ගොල්ලන්ගේ කොලිෆිකේෂන් හොදටම මදි. 2022 එකළොස්වෙනි මාසේ ඉදලා කිව්වේ අපි මේ ගොල්ලන්ට. නමුත් කිසිම දෙයක් කනකට ගත්තෙ නෑ මේ පාලකයෝ.

පුද්ගලික පාසල් කටයුතු කරන්න අංශයක් තියෙනවා ඒකට ලිව්වා, අධ්‍යාපන ඇමතිට ලිව්වා. ඒ ගොල්ලෝ කනකට ගත්තෙ නෑ මේක. අපේ ළමයි ඉස්කෝලෙන් අස් කරනවා කියපු නිසා තමයි අපි මේ විදිහට උද්ඝෝෂණ කරන්න ගත්තෙ.

මුදලට සරිලන සේවාවක් ලැබෙන්නෙ නැත්තම් ඇත්තටම බලධාරීන් මැදිහත් වෙන්න ඕනේ මෙතෙනදී.
රටේ නැහැ නීතියක් මේ පුද්ගලික පාසල්වල අධ්‍යාපනය නියාමනය කරන්න. මේ රටේම ඉන්න පුද්ගලික විද්‍යාලවලට යන ළමයි වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ."