හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනි සොයිසා මහතා සමඟි ජන බල වේගයේ පවත්වන්නට යෙදුණු දේශපාලන රැළියක් අමතා මෙසේ පැවසීය.
"ඉස්සර අපිට මෙතනින් යනකොට කෑම දෙනවා. හැබැයි මම, බිබිලෙන් යනකොට කෑම දෙනවා. දැන් පොහොට්ටුව කියල එකක් නෑ. ඒක දැන් අලියගෙ පස්සෙ පැත්තෙ ගහලනේ තියෙන්නෙ පොහොට්ටුව. ඒක විනාශ කලෙත් මහින්ද රාජපක්ෂ. ඉතුරු ටික රනිල් විනාශ කළෙ.
එදා 89යේ ඡන්දෙට යනකොට ධර්මප්‍රදීප ඡන්ද පොළ අපිට කිව්වෙ පළමුවෙන් ඡන්ද දාන්න යන පස්දෙනාගේ අත කපනවා කිව්වා. මමත් මගේ නෝනත් තනියම අත් දෙක අල්ලගෙන ගියා.
ඡන්ද පෙට්ටි තිබ්බෙ නෑ. ඡන්ද මධ්යස්ඨානේ 7ක් මැරුවා.
එක දවසක් එකෙක් එනවා මට දණ ගහලා වදිනවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ. මේ කතරගම දේවාලේ නිළමේ වෙන්න. දේවාලේ කෑවා. මම අඩියක් පස්සට අරගෙන ශෂීන්ද්‍ර රාජපක්ෂට වැඩ කරා.
අදත් ආවා බදුල්ලේ අපේක්ෂකයෝ 5 දෙනෙක්. බලනකොට මේ හැම පැත්තෙන්ම ඉදළා තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ, හෙළිකොප්ටරේ, සමඟි ජන බල වේගේ, විශාල පිරිසක්, මගේ මිත්‍රයෝ ඉදිරිපත් වෙලා ඉන්නවා. මම ගුරුපත්වීම් 5000ක් දුන්නා මහ ඇමති හැටියට. මහින්ද මට සල්ලි දුන්නෙ නෑ. බාලිකාව හැදුවා. විදුහල්පතිනියකුත් පත් කරා. පළවෙනි බාලිකාව වෙල්ලස්සේ.
ඒ විදුහල්පතිනිය මං බලනකොට දැන් ජේවීපී එකෙන් ඉල්ලනවා.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා කැමති කට්ටිය ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න කිව්වා අනිත් කට්ටිය විපක්ෂෙට යන්න කිව්වා. ඒක කශේරුකාව නැති කතාවක්. දොං නම් දොං, සිමං නම් සිමං, දොං සිමං දෙකක් බෑනේ. ඒකෙන් තමයි පොහොට්වුව හැදුනේ. මං යහපාලනේට ගියාම කිව්වා මං යූඑන්පී එකට ගියා කියලා. මන් අහනවා අද එහෙම කියපු අය කොහෙද ඉන්නෙ ශෂීන්ද්‍ර රාජපක්ෂලා.
පාර්ලිමේන්තු ඡන්දෙ ගෝඨාභයට විරුද්ධව ඉල්ලුවේ දිනන්න නෙමයි. ගෝඨාභයට බනින්න ඕන නිසා. අපි ඕකා ජනාධිපති වෙන්න කළිනුත් බැන්නා. ජනාධිපති වුණාමත් බැන්නා. අපි දන්නව හාරත බූරූවා කියාල. මේ ඡන්දේ රනිල් රාජපක්ෂලා මේ රටේ එළවලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන මහා මැතිවරණයක්."
0 Comments