vijitha-herath

ජාතික ජන  බල වේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැති සභාවක් අමතා මෙසේ පැවසීය.



"මැතිවරණය කෙරෙයිද? නැද්ද? කියන දෙගෙඩියාව අපිට තියෙනවා. තනි පුද්ගලයෙක් අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පැහැර ගෙන තියෙනවා. එය ලබා ගැනීම සඳහා අපි අලුත් සටනක් ආරම්භ කරා. 9 වෙනිදා මං හිතන්නේ මේක තමයි මැතිවරණයක් ලබා ගැනීමේ සටනේ ආරම්භය.

මේ වෙනකොටත් මුදල් නිකුත් කරලා ඉවරයි. තවමත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න පටන් ගත්තෙ නැහැ. ජනාධිපති කියනවා මුදල් දුන්නොත් මං පටන් ගන්නම්. මුදල් ලේකම්වරයා තවම සහතිකයක් දීලා නෑ මුදල් දෙනවයි කියලා. මුදල් ඇමතිවරයා පැහැදිලිවම කියලා නෑ මුදල් දෙනවා කියලා. ඒ නිසා නිශ්චිතවම දෙගිඩියාවක් තියෙනවා මේ ඡන්දේ පවත්වයිද නැද්ද කියලා.



ඡන්ද දිනයක් ප්‍රකාශයට පත් කලාට මේ පිළිබඳව විශ්වාසයක් තවම ඇති වෙලා නැහැ. රටේ ජනාධිපතිට කිසිම උවමනාවක් නැ ඡන්දෙ පවත්වන්න. මේකට එරෙහිව විවිධ පෙරමුණු වලින් අපි සටන් කරමු."