wasantha-samarasinghe-speaks

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවැති වැඩ වර්ජනය අතරතුර මෙසේ අදහස් දැක්වීය.



"සීයට හයසීයකින් ලයිට් බිල වැඩි කරලා, බැංකු පොළිය වැඩි වෙලා ණය වාරික ගෙවන කොට පඩිය ඉතුරු වෙන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂලයි ගැසට් ගහනවා වැඩ වර්ජන නවත්තන්න. වැඩ කරන ජනතාව පාරට බැහැලා ඉන්නේ.  

මතක් කරගනිල්ලා මේ රටේ මිනිස්සු 69 ලක්ෂයක් තිබිච්ච ගෝඨාභය එලවන්න පාරට බැස්සා. ඒ නිසා වහාම ලයිට් බිල අඩු කරපල්ලා. 20000ක දීමනාවක් දීපල්ලා, පෙන්සන් එකට අත තියන එක නවත්තපල්ලා, ජීවත් වෙන්න පුළුවන් රටක් හදපල්ලා. මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය වහාම දීපල්ලා. උබලට ජන වරමක් නෑ කියලා රටක මිනිස්සු අද ඔප්පු කරමින් ඉන්නවා.

උබලා එලවනකම් මේ සටන ගෙනියන්න වැඩ කරන්න ජනතාව සියළු දෙනා එක්ක එකතුව මේ සටන අපි අඛණ්ඩව ඉස්සරහට අරගෙන යනවා.

මේ පණිවිඩේට උත්තර නැත්තම් ආණ්ඩුව රටේ ජනතාව පීඩාවට පත් කරන ක්‍රියා මාර්ග වෙනස් කරනකම් සමස්ථ ජනතාව එක්ක මේ සටන ඉස්සරහට ගෙනියන්නවා. වහාම වැඩ කරන ජනතාවට කන් දීපල්ලා."