විදුලි බිල නැවත වතාවක් වැඩිවීම නිසා ඉදිරියේදී ජල බිල්පත වැඩිවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සාමාන්‍යාධිකාරි ආචාර්ය වසන්තා ඉලංගසිංහ පවසා තිබේ.
ඇය මෙසේ කියයි.
‘දැන් අවස්ථා දෙකකදී විදුලි ගාස්තු වැඩි වුණා. ඒ අනුව අපේ ජල සම්පාදන වියදමත් වැඩි වුණා.
ඒ වියදම පියවාගන්න අපි ජල බිල වැඩි කරන්න අවසර ඉල්ලුවාම අපි ඉල්ලපු ගණනම ලැබුණෙ නෑ. අපිට ජල බිල 70%කින් වැඩි කරන්න තමයි එදා අවසර ලැබුණෙ. ඒ අනුව අපි වියදම් කළමනාකරණය කරගෙන ණයත් ගෙවා ගෙන මණ්ඩලයේ කටයුතු පවත්වා ගෙන ආවේ රජය අපිට එකඟතාවක් ලබා දී තිබුණා 2023 සැප්තැම්බර් මාසයේ නැවත ජල බිල වැඩි කරන්න අවසර දෙනවා කියල. නමුත් දැන් ඊට පෙර විදුලි බිල වැඩිවීම නිසා අපේ ජලසම්පාදන වියදමත් වැඩි වෙලා. අපිට කළමනාකරණය කර ගන්න බැරි විදියට නිෂ්පාදන ගාස්තු වැඩිව තිබෙන නිසා වහාම ජල ගාස්තුව ඉහළ දමන්න සිදු වෙනවා. අකැමැත්තෙන් වුණත් අපිට ඒක කරන්නම වෙනවා. එහෙම නොකළොත් බාධාවකින් තොරව ජලය සපයන ක්‍රමවේදයට අවහිරතා ඇති වෙන්න පුළුවන්. ‘
0 Comments