welimada-incidet

වැලිමඩ අධ්‍යාපන කලාපයේ කැප්පෙටිපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු තම පාසලේ රූමත් සිසුවියන්ට දීර්ඝ කාලයක් තිස්සේ රාත්‍රි කාලයේදී වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ විවිධ ආකාරයේ අයුතු යෝජනා කිරීම් සම්බන්ධයෙන් ලැබුණු  පැමිණිලි මත විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කිරීමට

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. දෙදෙරු පියෙකු වන 55 හැවිරිදි මෙම විදුහල්පතිවරයා පාසලේ සිසුවියන්ට රාත්‍රි කාලයේ වට්ස්අප් පණිවිඩ ඔස්සේ විවිධ ආකාරයේ අයුතු යෝජනා කිරීම තහවුරු කර ගැනීමට පාසලේ සිසුවෙකු රූමත් සිසුවියක ආකාරයෙන් වට්ස්අප් මාර්ගයෙන් කිහිප දවසක් සම්බන්ධවී සිටියදී විදුහල්පතිවරයාගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සිසුවියක යැයි සිතා සිසුවාට එවා නිවාඩු දිනකදී පාසලට පැමිණ හමුවන ලෙසත් දන්වා ඇත.

අදාළ චෝදනාවට ලක්වූ විදුහල්පතිවරයා රාත්‍රි කාලයේදී සහ අලුයම් කාලයේදි තම පාසලේ රූමත් සිසුවියන්ගේ වස්ඇප් පණිවිඩ ඔස්සේ පළමුවෙන්ම පවුලේ හා පාසලේ තොරතුරු දැනගැනීමෙන් පසු හිතවත්කම් ඇති කර ගැනීමෙන් පසු සිසුවියන්ට අයුතු යෝජනා කිරීමට යොමුවී ඇත.

විදුහල්පතිවරයා රවටා සියලු තොරතුරු අනාවරණය කරගත් පාසල් සිසුවා මෙම සිද්ධිය දෙමාපියන්ට, ආදි සිසුන්ට හා ගුරුවරුන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් සිද්ධිය තහවුරු කරගත් පසු විදුහල්පතිවරයා පාසලෙන් එළවා දැමීමට කටයුතු කිරීමත් සමග පසුගියදා පාසලේ උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබේ. පාසලේ දරුවන්,දෙමාපියන් හා ගුරුවරුන්ගේ පැමිණිලිවලින් පසු චෝදනාවට ලක්වු විදුහල්පතිවරයාගේ වැඩ තහනමකට ලක් කළ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


 ප්‍රසන්න පත්මසිරි