wimal-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"පාර්ලිමේන්තුවේ ඇවිල්ල කළිසම් සාක්කුවට අත් දෙක දාගෙන කැරකි කැරකී තියන්න  ඡන්දෙකුත් නෑ. ඡන්දේ තියන්න සල්ලිත් නෑ ගගා කෝළම් කරන එක බලන් ඉන්න අමාරුයි ඔය ඔක්කොම පීඩනේට වඩා. රටේ ජනාධිපති විහිළු සපයන්න පටන් අරන් තියෙනවා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා. පාර්ලිමේන්තුව ඔබතුමාගේ නාඩගම් තිප්පොල නෙවෙයි. ඔය යුක්‍රේනෙ ජනාධිපති වුනෙත් කවටයෙක්. මෙයා කවටයගේ චරිතය තමයි දැන් රඟපාන්නේ.

ලක්ෂ එක්දාස් එකසීයක් භාණ්ඩාගාරෙ නෑ කියලා කියනවනම් ඒක කාටවත් පිළිගන්න බැ.  අපි පිළිකුලෙන් හෙලා දකිනවා විරෝධතාවලට පොලීසිය ලව්වා කඳුළු ගෑස් එල්ල කරමින් මිනිස්සුන්ගේ අයිතියට වැට බඳින්න හදන එකට.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ව්‍යවස්ථාව හරියට කියවලා නෑ. නැත්තම් ඒක නොදන්නවා වගේ ඉඳගෙන කළින් තියන්න බැරි ඡන්දයක් දිහා බලාපොරොත්තු හදලා එක ඡන්දයක්වත් නොතියා ඉන්න බලනවා"

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ඇති  ක්‍රමවේදය පිළිබඳව හෙතෙම මෙසේ පැවසීය.

"අපිට පුළුවන් ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල මර්ගයෙන් පරාජයට පත් කිරීම සඳහා උත්සහ කරලා බලන්න."