පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු සභාව අමතා මෙසේ පැවසීය.
"ශ්‍රී ලංකාව අරගෙන තියෙන විදේශීය ණය තොගෙන් 33%කට වැඩි ප්‍රමාණයක් අපි අරන් තියෙන්නෙ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින්. මේ ආයතන ඔක්කොම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්වාමීන්. අපිට ගෙවන්න වෙලා තියෙන පොළියෙන් 76%ක් ඒ ස්වෛරී බැඳුම්කරවලට ගෙවන පොළිය. වෘත්තිකයට, ගොවියට, අනිත් මිනිස්සුන්ට නිරාහාරව ඉන්න වෙනවද මොකක්ද වෙන්නෙ කියන එක මූල්‍ය අරමුදලේ මහත්වරුන්ට වැදගත් වෙන්නේ නැහැ.
බංකොළොත් රටක් කියලා ප්‍රකාශයට පත් කරපු අපි, ණයක් ලැබුණම රතිඤ්ඤා පත්තුකලා. මේ ප්‍රපාතෙට වැටුනෙම අපි ණය උගුලේ හිර වුණු හන්දා.
අපේ වියදම් අපි අඩු කලේ නැහැ. එතකොට රෝල ගහගන්න ජාත්‍යන්තර උසාවියේ බැඳුම්කරවලට මාරු වුණේ මුලින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඩොලර් බිලියන 3ක් අරන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා යහ පාලන කාලේ ඩොලර් බිලියන 5ක් අරන් තියෙනවා. රෝග නිධානය වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාලේ. මූල්‍ය අරමුදල රටටම ජාත්‍යන්තර වෙදමහත්තයගේ භූමිකාව ඇවිල්ල තියෙනවා. දේශීය වෙදමහත්තයා ජනාධිපතිතුමා ඒක භාර අරන් තියෙනවා.
සමාජ මාධ්‍ය තුළ තියෙනවා මූල්‍ය අරමුදලට මුලින්ම ගියේ බැසිල් රාජපක්ෂ කියලා. දැන් ඒගොල්ලො හිතන් ඉන්නේ හෙන ගෞරවයට කාරණයක් කියලා. රනිල් නෙමෙයි කළේ මම කියලා ඉන්න කපුටු පැටවුන්ට කියලා පොස්ට් දානවා. මෙහෙම පරිකල්පනයක් තියෙනකොට රටකට හරියයිද?
රනිල් වික්‍රම සිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවෙන් ජාතික ලැයිස්තුවෙන් එන්න හිටියත් එන්නේ නැතුව ගොඩක් කල් හිටියා. එයා ආවේ මේ අර්බුදයට ටිකක් කිට්ටු කරලා. ආව දවසේ ඉදන් එයා බොහොම සත් ගුණවත් බෝධිසත්ව ගුණෝපේත කතා තමයි කරේ.
හරි හොඳ රනිල් කෙනෙක් ගේ කතා. මෙන්නෙ ආර්ථිකේ පිපිරුනා, පිපිරෙනකොට එතුමගේ අතට අගමැතිකම ආව. එතුමා කිව්වා ගෝඨාගෝගම තියෙන්න ඕනේ ඒක අයින් කරන්න එපා. ගෝඨාගෝගමේ පළවෙනි හට් එකෙ ගැහුවේ කවුද? එක්සත් ජාතික පක්ෂේ ආශු මාරසිංහලා.
දේශපාලකයෝ ඉන්නවා ඒ අයව මෙහෙයවන්නෙ තානාපති කාර්යාල වලින්. එහෙම වැටිච්ච රට මහජනයා නිර්වින්දනය කිරීම මඟින් දැන් තමුන්නාන්සේලා ලාභ ලබන ටෙලිකොම් එක දෙන්න යනවා. ලාභ ලබන ලංකා හොස්පිටල් එක දෙන්න යනවා ලයිකා එකේ සුභාෂ්කරන් අලිරාජට. මට ඔහු දෙමළ වීම නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ, ඔහුගේ එතිහාසික පසුබිම. මේ අපරාධයට ඉඩදිය යුතු නැහැ."
0 Comments