දක්ෂිණ අධිවේගයේ රථවාහන 26 ක් පමණ එක පෙළට ගැටීමෙන් ඊයේ (16) රාත්‍රී අනතුරක් සිදුව තිබේ . අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දී දොඩන්ගොඩ හුවමාරුව අසල ( 32Km සහ 35Km අතර ප්‍රදේශයේ ) මෙම අනතුර සිදුව ඇත.
වාහන 5ක එක් පොකුරක්, වාහන 3 බැගින් පොකුරු 3ක්, වාහන 2ක් වශයෙන් වාහන 16ක් එක පසුපස එක ගැටී අනතුරට ලක් වී තිබේ.
මේ අනතුරු නිසා දොඩන්ගොඩ හුවමාරුව අසල කොළඹ දෙසට අධිවේගී මාර්ගයේ වාහන තදබදයක්ද දිගු වේලාවක් පැවති බව වාර්තා විය.
සිංහල අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලාගිය අය නැවත කොළඹ පැමිණීමට උත්සාහ දරන නිසා වාහන අධික තදබදයක් පැවති අතර මෙම අනතුරු මාලාව සිදුව ඇත්තේ ඒ අතරදීය.නිසි පරතරයකින් තොරව ඉතා අපරික්ෂාකාරී ලෙසින් ධාවනය කිරීම හේතුවෙන් අනතුරු සිදුවූ බව පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 32 හා 35 අතර කොටසේදී සිදුවූ අනතුරු වැලකින් පසු වාහන විසි හයකට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදුවූ අතර ඉන් පසු ඒවායේ අනතුරු සලකුණු තැබීමට හා රක්ෂණ පරීක්ෂාවන් කිරීමට වෙනත්ස්තාන වෙත රැගෙන යන ලදි.
0 Comments