මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අඩුවීමේ සිද්ධියට සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කොටුව පොලීසියට පසුගිය 17 දා නියෝග කර තිබුණි.
මේ අතරවාරයේ අද (20) මහ බැංකුව එම මුදල් නැතිවීම ගැන මහජන නිවේදනයක් කර තිබේ.
2023 අප්‍රේල් 11 වැනි දින මුදල් මෙහෙයුම් වලදී එහි එක් සුරක්ෂිතාගාරයක රුපියල් මිලියන 5ක මුදල් මිටියක් නැතිවූ බව මහ බැංකුව අද ප්‍රකාශ කළේය.
'කෙසේ වෙතත් නැතිවූ හමුවූ මුදල් මිටි සම්බන්ධයෙන් වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලද බවත් කොටුව පොලිස් ස්ථානයටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්' මහ බැංකු ප්‍රකාශයක සඳහන් වේ.
මහ බැංකුවේ අධි ආරක්ෂිත කාමරයක ගබඩාකර තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දාහක බණ්ඩලයක ඌනතාවක් සිදුවී ඇතැයි සඳහන් කරමින් මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරි එස්.ආර්. දයානන්ද මහතා ඉකුත් 11 වැනිදා මුලින් පැමිණීල්ල ඉදිරිපත් කර තිබුණ අතර ඒ සම්බන්ධයෙන් අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 06 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
0 Comments