උස්බෙකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ රිටි පැමීමේ ඉසව්වෙන් මීටර් 4.70 ක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තුෂේන් සිල්වා යොවුන් ක්‍රීඩකයා සමත් විය.
උස්බෙකිස්තානයට ඔහු යද්දී පුහුණුකිරීම් සඳහා භාවිතා කළ රිට සහ පුහුණුකරුවෙකු නොමැතිව ගමන් කර ඇති අතර ඔහුගේ දක්ෂතාවන් එළිදැක්වීමට එය බාධාවක් නොවීය. කෙසේ වෙතත් ඔහුගේ ජයග්රහණයෙන් පසු ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් රිට ගෙනයාමට නොහැකිවීම ගැන හේතු දක්වා තිබේ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.මුතුමාල පවසන්නේ රිටක් ගෙනයාම ගැන ඉල්ලීමක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදු කර නොතිබූ බවයි.
පුහුණුවීම් කිරීමට භාවිතා කළ රිට උස්බෙකිස්තානය වෙත රැගෙන යාමට සූදනම් කර ගුවන්තොටුපොල වෙත රැගෙනවිත් තිබූ නමුත් අදාල ගුවන් සේවා සමාගමෙන් අමතර ලක්ෂ 3 ක මුදලක් ගෙවීමට එම අවස්ථාවේ දැනුම් දී තිබීමත් පෙර සූදානමක් නොතිබූ බැවින් මළල ක්‍රීඩා සංගමයට එම මුදල් ගෙවීමේ කටයුතු ක්ෂණිකව සිදු කර ගැනීමට නොහැකි වූ නිසා කණ්ඩායම් කළමණාකරු මැදිහත්ව උස්බෙකිස්තානයේ තරගාවලි කළමණාකරු සමග සාකච්ඡා කර තුෂේන් ක්‍රීඩකයා හට එහි දී රිටක් ලබා දීමට හැකි බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කණ්ඩායම ගමන පිටත් වූ බවයි.
ක්‍රීඩා අමාත්‍යංශය පළ කර ඇති නිවේදනය පහතින්
‘‘රිටත් පුහුණුකරුත් නැතිව දිනූ තුෂේන්’’ යන ශීර්ෂයෙන් යුතුව පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙනි
උස්බෙකිස්තානයේ මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 24 වෙනිදා දිවයිනෙන් පිටත් විය.
එම තරගාවලියේදී පිරිමි රිටි පැමීමේ ඉසව්වෙන් මීටර් 4.70 ක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තුෂේන් සිල්වා ක්‍රීඩකයා සමත් විය.
එම ක්‍රීඩකයා හට මෙම තරගාවලිය සඳහා ඔහු පුහුණුකිරීම් සඳහා භාවිතා කළ රිට රැගෙන යාමට නොහැකිවීම පිළිබඳව මාධ්‍ය වාර්තා පලවීමත් සමග ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.මුතුමාල මහතාගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ එවැනි ඉල්ලීමක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදු කර නොමැති බවයි.
තරගාවලිය සදහා සහභාගී වීමට නියමිත කණ්ඩායම සදහා අනුමැතිය හා ඉල්ලුම්කරන ලද අනෙකුත් සියලුම පහසුකම් ලබා දුන් අතර, ගුවන් ටිකට්පත් සඳහා වැය වූ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කර ඇති අතර එම මුදල් ලද වහාම සංගමය වෙත ලබා දීමට සැළසුම් කර ඇති බවත්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් නොකළ කාරණාවක් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා කිරීම කණගාටුවට කරුණක් බවත් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරමින් රටට කීර්තියක් ගෞරවයක් ගෙන දෙමින් ජාත්‍යන්තර තරගාවලියකදී රිදී පදක්කමක් දිනා, නව යොවුන් ජාතික වාර්තාවක් ද පිහිටවූ තුෂේන් සිල්වා ක්‍රීඩකයාට සුබ පැතුම් එක් කරන අතර, ගරු අමාත්‍යතුමාගේ නිර්දේශයන් ද සහිතව අමාත්‍යාංශ ලේකම්තුමාගේ සහයෝගය ද ඇතිව ඔහුගේ ඉදිරි ක්‍රීඩා ගමන වෙනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපරිම සහයෝගය ලබාදෙන බවත් තරගාවලිය නිමා වී දිවයිනට පැමිණි පසු ඔහු සමග සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවත් ක්‍රිඩා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
පසුව මේ සම්බන්ධයෙන් ජාතික මළල ක්‍රීඩා සංගමයේ පුහුණුකරු අධ්යක්ෂ අයි.එම්.රණසිංහ මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ එම ක්‍රීඩකයා පුහුණුවීම් කිරීමට භාවිතා කළ රිට උස්බෙකිස්තානය වෙත රැගෙන යාමට සූදනම් කර ගුවන්තොටුපොල වෙත රැගෙනවිත් තිබූ නමුත් අදාල ගුවන් සේවා සමාගමෙන් අමතර ලක්ෂ 3 ක මුදලක් ගෙවීමට එම අවස්ථාවේ දැනුම් දුන් බවයි. පෙර සූදානමක් නොතිබූ බැවින් මළල ක්‍රීඩා සංගමයට එම මුදල් ගෙවීමේ කටයුතු ක්ෂණිකව සිදු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් කණ්ඩායම් කළමණාකරු මැදිහත්ව උස්බෙකිස්තානයේ තරගාවලි කළමණාකරු සමග සාකච්ඡා කර තුෂේන් ක්‍රීඩකයා හට එහි දී රිටක් ලබා දීමට හැකි බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කණ්ඩායම ගමන පිටත් වූ බවයි.
තුෂේන් ක්‍රීඩකයා උස්බෙකිස්තානයේ දී මනා ජවයකින් යුතුව ක්‍රීඩා කළ බවත්, ඔහු වෙත ලබා දුන් රිට ගුණාත්මක භාවයෙන් ඉහළ රිටක් බවත්, ඔහුගේ දක්ෂතා අතරට යාමට එය ද ඉවහල් වූ බව විශ්වාස කරන බවත් පැවසූ රණසිංහ මහතා තාක්ෂණික වාර්තාව ලැබුණු පසු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීමට හැකි බව පැවසීය.
එස්.විජිතා බස්නායක
මාධ්‍ය ලේකම්
ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය.
0 Comments