අලුත් අවුරුදු සැමරුමකට ගොස් නැවත එමින් සිටි ත්‍රීරෝද රථයක තවත් ත්‍රීරෝද රථ දෙකක් ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු තුන හමාරක දරුවකු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේ දී ඊයේ 18 වැනිදා අලුයම මියගොස් ඇතැයි මීගොඩ පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ පාදුක්ක වටරැක මාදුලාවේ පදිංචි අබිරු කේෂර නමැති වයස අවුරුදු තුන හමාරක දරුවකු බව පොලීසිය කියයි.
මෙම දරුවා සිය මවුපියන් හා වැඩිමල් සොහොයුරිය සමග නුගේගොඩ ප්‍රදේශයේ ඥාති නිවෙසක පැවැති අවුරුදු සාදයකට සහභාගි වී හයිලෙවල් මාර්ගය ඔස්සේ නැවත නිවසට යමින් සිටිය දී ගොඩගම කාර්මික විද්‍යාලය ඉදිරිපිට දී මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී පසුව එම ත්‍රිරෝද රථ දෙක මෙම ත්‍රිරෝද රථයේ ද ගැටී මාර්ගයෙන් ඉවතට විසිවී පෙරළී මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ මව, පියා සහ දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ අතර ඒ වන විටත් වයස අවුරුදු තුනහමාරක දරුවා මියගොස් සිටි බවට හෙළිවී යැයි පොලිසිය පවසයි.
රෝහලට ඇතුළත් කළ පියා සහ අනෙක් දරුවාගේ තත්ත්වය සාමාන්‍ය බවත් අනතුරට පත් අනෙක් ත්‍රිරෝද රථයේ කිසිවකුට තුවාල සිදුව නොමැති බවත් පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ අනෙක් ත්‍රිරෝද රථ රියදුරන් බීමත්ව සිට ඇත්දැයි පරික්ෂා කිරීමට නියමිත අතර එම ත්‍රිරෝද රථ තුනම පොලිසිය භාරයට ගත් බව පොලිසිය කියයි. මිය ගිය දරුවාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබිණි.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments