රාමසාන් උත්සවය පැවැත්වෙන කාලසීමාවෙහි අකුරණ හා අලවතුවල යන ප්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ පිපිරවීම් සිදු කිරීමේ සූදානමක් පවතින බවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව පෙරේදා (18දා) සවස් කාලයේ සිට අකුරණ හා අලවතුගොඩ ප්‍රදේශයේ සියලු මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථානවලට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගනු ලැබ තිබේ.
පෙරේදා (18දා) සවස 2.45 ටපමණ 118 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබී ඇති එම නිර්නාමික දුරකථන ඇමතුමත් සමග මධ්‍යම පළාතේ ඉහළ පොලිස් නිලධාර්න් වහාම ක්‍රියාත්මක වී එම පොලිස් බල ප්‍රදේශ ආරක්ෂාව තහවුරු කිර්මට පියවර ගෙන ඇත. මුස්ලිම් භක්තිකයෝ මාසයක් උපවාසය සුරැකීමෙන් පසුව ලබන 22 වැනිදා රාමසාන් උත්සවය සැමරීමට සූදානමින් සිටිති. මේ සඳහා අවශ්‍ය ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට විශාල පිරිසක් නගර කරා පැමිණෙන අතර, ආගමික කටයුතු සඳහාද විශාල පිරිසක් දේවස්ථාන කරා ද පැමිණෙති.
මෙම තත්ත්වය හමුවේ. එම කාලසීමාව තුළ අකුරණ හා අලවතුගොඩ ආශ්‍රිතව බෝම්බ පිපිරවීමක් සිදුවිය හැකි බවට පොලීසියට ලැබී ඇති බුද්ධි තොරතුරක් මත පොලීසිය මගින් සියලු දේවස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර,
දේවස්ථාන මගින් ජනතාව දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ. මෙම තත්ත්වය හමුවේ ජනතාව දැඩි ආරක්ෂාකාරි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවත් නාඳුනන පුද්ගලයෙකු දුටුවහොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසත්, ජනතාව වැඩි වශයෙන් එක්රොක් නොවිය යුතු බවත්, නිරන්තරයෙන් සුපරීක්ෂාවෙන් සිටින ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. කෙසේ නමුත් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් සියලු ආරක්ෂාව පොලීසිය සහ හමුදාව එක්ව ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මොහොමඩ් ආසික්
0 Comments