al-exam-paper-marking

 සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්වවිද්‍යාල ආචාරිය සමිති සම්මේලනය සදහන් කරයි.  රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද දැඩි පීඩාවකට පත්ව සිටින හෙයින් ඉන් මුදා ගැනීම සඳහා සහන දීමනාවක් හෝ ආචාර්යවරුන්ට ලබාදීමට රජය පියවර ගත යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එම්.එච්. එස්. කේ. බන්නැහැක මහතා පැවසීය.



මුදල් අමාත්‍යාංශ වාර්තාවලට අනුව මේ වනවිට රජයේ ඉලක්ක ගත බදු ආදායම සපුරාගෙන ඇති බව ද එම නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට යම් සහනයක් ලබා දීමට ආණ්ඩුවට හැකියාවක් ඇති බව ද මහාචාර්ය බන්නැහැක මහතා කීය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටියේ බදු සහනයක් බව ද පිළිතුරු පත්‍ර ඇගැයීම වෙනුවෙන් කරන දීමනා ඉහළ දැමීමක්  ඉල්ලා තිබුණේ ගුරුවරුන් බව ද මහාචාර්යවරයා සඳහන් කළේය. මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශ්වවිද්‍යාලවල ඉගැන්වීම්ක ටයුතුවලින් තවදුරටත් ඉවත්ව සිටින බවද අලුත් අවුරුදු  නිවාඩුවෙන් පසුව ආණ්ඩුවේ ප්‍රතිචාරය සුබ වන්නේ නම් ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කළ හැකි බව ද බන්නැහැක මහතා පැවසීය.
 රංජන් කස්තුරි