al-lectures-speak

දැනට නතරවී ඇති උසස් පෙළ පිළිතුරු පරීක්ෂාවට හේතුව සරසවි ඇදුරන් සිදු කරන වර්ජනයයි.මේ ගැන ජනපති සමග සෘජු සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඊට පිළිතුරක් නැති අතර වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පමණක් උත්තර බැඳ තිබේ.විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය සමිති සම්මේලනයේ සාමාජිකයෙකු ඒ ගැන මෙසේ පැවසීය.



"උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවේ අධීක්ෂණ කටයුතුවලින් ඉවත් වෙලා හිටපු ඒ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත් හිටවුවා. අපි දැනුම් දුන්නා ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. මීට අදාළ ලිපිය යොමු කිරීමට අපි කටයුතු කරා.

ජනාධිපතිවරයා ප්‍රකාශ ගණනාවක් කරලා තියෙනවා, මේ අධ්‍යාපන ක්ෂේත්‍රය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරනවා කියලා, ආචාර්‍යවරුන්ගේ දේපළ රාජසන්තක කරනවයි කියන කාරණය. ඒක නිසා මේ ගැන වහාම සාකච්ඡා කලයුතුයි.

වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේකට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. අදාළ කටයුතු විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය සමිති සම්මේලනය ඍජුව ජනාධිපති කාර්‍යයාලයත් එක්ක කටයුතු කරනවා. අපට මේ සාකච්ඡාව අවශ්‍ය වෙන්නෙ ඍජුව ජනාධිපතිවරයා සමඟ පමණයි. අතරමැදි මේ උසස් පෙළ පාවිච්චි කරන්න හදන පාර්ශව කිසිම කෙනෙක් මේකට අවශ්‍ය නැහැ."