bandula-ishara-dewendra

ස්වාධීන රූපවාහිනී සේවයේ ඉෂාරා දේවේන්ද්‍ර නිවේදිකාව හට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී රෝහීණී කවිරත්න මහත්මිය අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර ඒ ගැන ජනමාධ්‍ය ඇමතිවරයාට ප්‍රශ්නයක් යොමු කළාය.


ඉදිරිපත්ව ඇති චෝදනාව පිළිබදව කිසිදු පැමිණිල්ලක් තමන්ට හෝ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතා හට ලැබී නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ නිසා සමාජ මාධ්‍ය තුළ පළවන දේවල් විවිධ නිසා තමන්ට විධිමත්ව ඒ ගැන සොයන්නට බැරි බව කීය.
කෙසේ නමුත් සිද්දියට අදාළව ඉෂාරා දේවේන්ද්‍ර ට ලේකම්වරයා කතා කර පැමිණිල්ලක් කරන ලෙස දන්වා ඇතැයි කීය.
ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා මේ වනවිට විදේශ සමුළුවකට ගොස් ඇති බවද ඔහු එතෙර සිට ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට නීතීඥවරියකගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයාට දන්වා ඇතැයි කීය.

ආන්දෝලනයට තුඩුදුන් ඉෂාරා දේවේන්ද්‍ර ගේ ෆේස් බුක් සටහනෙහි දක්වා තිබුනේ ලිංගික බලපෑම් ගැන අවස්ථා කිහිපයකදීම තමා වීඩියෝ හා ඕඩියෝ සාක්ෂි ඇතිව මේ ගැන පැමිණිලි කර තිබූ බවත් ඒ ගැන කිසිවෙකු සොයා නොබැලූ බවත්ය.