ජාතික රූපවාහිනියේ 'ද බිග් ක්වෙක්ෂන්' වැඩසටහනට සහභාගීවූ කථිකාචාර්ය මහින්ද පතිරණ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් සමාජයේ පවතින අදහස් වැරදි බවත් ඔහු සිතනවාට වඩා වෙනස් පුද්ගලයෙකු බවත් කියා සිටියේය.
එම වැඩසටහනේදී ඔහු මෙසේ කීවේය.
'ඔය කොමිෂන් ටෙන් පසන්ට් ගත්තා කියල කතාවක් හැදුණා ඒක පට්ටපල් බොරුවක්නෙ. කාටහරි ඇවිත් කියන්න කියල කියන්න එහෙම එකක් ගත්තනං.. ඊළගට කපුට කියල කියනව 2009 දී විතර කියපු කතාවක වීඩියෝ කෑල්ලක් ඉස්සරහට අරගෙන තමයි ඒක පැතිරුවේ.
එතුමා විශාල ව්‍යාපෘති කළේ නෑ ලංකාවේ ආර්ථික සංවර්ධන ඇමති හැටියට හිටි කාලෙ මහා පරිමාණ කිසිම ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා නෑ සියල්ලම කළේ ග්‍රාමීය ව්‍යාපෘති .. එදා හිටපු ඇමතිවරු තමා ඔය ටෙන් පසන්ට් කතාව හදන්න මුල්වුනේ. මොකද ඔවුන් ඔවුන්ගේ ගැලවිජ්ජාවට ඔවුන් කිව්වේ අපි ගාව නෙමේ සල්ලි තියෙන්නේ බැසිල් ගාව ඒ නිසා අපෙන් ඉල්ලන්න එපා කියලා..ගමට ගිහිල්ලා කිව්වා සල්ලි තියෙන්නෙ බැසිල් රාජපක්ෂ ගාව කියලා.
අමාත්‍යාංශයෙන් ප්‍රතිපත්ති සකස් කරන නිසා ඒවා ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම තිබුණේ ගම් මට්ටමේ.ගමේ කවුරුහරි කියනවද බැසිල් අපෙන් සියයට 10 ක් ඉල්ලගත්තා කියල. ඒව බොරු කතා.
රත්තරන් අශ්වයෝ ලැම්බෝගිනි හදපු කතාවගේ ඕවා හදලා ප්‍රචාරය කළේ.. ඉස්සරත් එහෙම කතා හදලා තියනවා දැන් ගාමිණී දිසානායක මහත්මයාට ඇපල් වතුතියනව කිව්වා ඕස්ට්‍රෙලියාවෙ. එතුමා මැරුණට පස්සෙ එහෙම කතාවක් හරි වත්තක් හරි නැහැ.
ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට හදන කතා ඔහොම තමා බැසිල් රාජපක්ෂ කරන්නේ බොහොම සුපිරිසිදු චරිතයක් කිසිදු ආකාරයක එහෙම වංචනික ක්‍රියාවක් නැති කෙනෙක්.
දෙයක් මං කියන්නම් හිනාවෙන්න එපා.. එතුමා රෑට පිරිත් දාගෙන පිරිත් අසන ගමන් නිදා ගන්නවා..ඒක සමහරු දන්නැති දෙයක්. සමහරු කියනව පන්සල් යන්නැති බව ඒත් මං දන්නවා පිරිත් අහන ගමන් තමා නිදාගන්නේ. බුද්ධාගම බෞද්ධකම ඉතාමත් හොඳින් අදහනවා.
ඔහු නිදාගන්න යනකොට පිරිත් දාලා තමා නිදාගන්නෙ ඒක මම හොඳටම දන්නවා ඒක ඔහු ගාව ඉන්න අය දන්නවා ඒ ගැන.
එතුමා රජයෙන් වාහනයක්වත් අරං නැහැ. අමාත්‍යංශයට යන කාලෙත් මුදල් තමන්ගෙ වියදමින් දරලා කරේ.
එතුමා ඇමරිකාවේ හිටපු කාලෙ මහන්සියෙන් එක්රැස් කරපු මුදල් තමා පුද්ගලික පරිහරණයට යොදවන්නෙ.
හොයා ගත්ත සල්ලි වලින් තමයි ජීවත්වන්නේ. පක්ෂයේ වැඩ වලටත් ඔහු වියදම් කරනවා.
ලංකාවට ණය අරන්දෙන්න ඉන්දියාවට ගියේ ගුවන් ටිකට් පත ඔහුගෙ ගාණෙ වියදං කරලා.
මගේ පුද්ගලික මතය ඔහු ජීවත් වෙන විදිය ඒක හෘද සාක්ෂිය මත සිදුවන්නේ. ඒක කාටවත්ම නෑ. ඒ නිසා ඔහු ඔහුට ඕනම කෙනෙක් ඕනම දෙයක් කිව්වට දරාගන්නවා.'
0 Comments