ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මෙසේ අදහස් දැක්වීය.
"අපිට අවශ්‍යනම් ඊළඟ ජනාධිපතිවරනෙට ඉදිරිපත් කළහැකි සුදුසු අපේක්ෂකයින් ඉන්නවා. තිබිච්ච යුද්ධේ ඉවර කරන්න රටේ ජනාධිපතිවරු 4 දෙනෙක්ට බැරි වුනා. යුද්ධය අවසන් කරන්න හැකි වුනු එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා.
බැසිල් රාජපක්ෂ මහත්තයා ගැන අහනවනම් එතුමා මේ රටට නායකත්වය දෙන්න සුදුසු පුද්ගලයෙක්. තමන්ගේ හැකියාව මෙරටට ප්‍රදර්ශනය කරන නායකයෙක්. ඉතාමත් හොඳින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ලබාගත් නායකයා. ලංකාව සීඝ්රයෙන් දියුණුවන රටවල් වලින් එකක් බවට පත් කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතු කල නායකයා. උතුරු වසන්තය ගෙනාපු නායකයා. බැසිල් රාජපක්ෂ මේ රටට ඉතාම සුදුසු නායකයෙක්. එතුමාට විවිධ බොරු චෝදනා කරා. කමිටුවෙන් නඩු දැම්මා. හැබැයි එතුමා ඒ සියලු නඩු වලට නිර්භයව මුහුණ දීලා නිදොස් කොට නිදහස් කලා."
0 Comments