ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (09දා) දිනයේදී එරට කර්නාටක ප්‍රාන්තයේ බන්ඩිපුර් හි පිහිටි ව්‍යාඝ්‍රයන් සංරක්ෂණය සදහා වෙන්වුණු රක්ෂිත කලාපයේ සෆාරි චාරිකාවක නිරත වූ බව වාර්තා වෙයි. ඉන්දියාවේ ව්‍යාඝ්‍රයන් සදහා සුප්‍රසිද්ධ රක්ෂිතයක් වන මෙහි අද වනවිට සිටින කොටි ගහනය පිළිබඳ අලුත්ම වාර්තාව නිකුත් කිරීමේ අවස්ථාවකට සමගාමීව ඔහු මෙම සංචාරයට එක්ව තිබේ. මෙම සංචාරය හේතුවෙන් ඊයේ (09දා) සහ පෙරේදා (08දා) දෙදින සංචාරකයන් සදහා මෙම රක්ෂිතය තහනම් කලාපයක් බවටද පත්ව තිබුණි.
මෙහිදී අගමැති මෝදි වනාන්තරයේ සිදුකරන සෆාරියක් සදහා සුදුසු ඇඳුම් සහ හිස්වැසුමක්ද සහිතව මෙම සංචාරය සදහා එක්ව සිටින ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් ඉන්දියානු මාධ්‍ය හරහා ඊයේ ප්‍රසිද්ධියට පත් කෙරිණි. මෙම ගමනේදී ඔහු එම රක්ෂිත වනාන්තරයේ නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගත් බවත් සදහන් වෙයි. 1973 වසරේ අප්‍රේල් 01දා ජාතික වනාන්තරයක් ලෙස නම් කෙරුණු මෙම බන්ඩිපුර් රක්ෂිතය ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම ව්‍යාඝ්‍රයන් සංරක්ෂණය පිළිබඳ වන ව්‍යාපෘතියට මේ වසරට වසර 50ක් සපිරිම, මෙම ව්යාඝ්ර ගහනයේ අලුත්ම වාර්තාව නිකුත් කිරීමට මෙන්ම, අගමැති මෝදිගේ මෙම සෆාරියටත් නිමිත්ත වී තිබේ.
අගමැති කාර්යාලය නිවේදනය කර ඇති ආකාරයට මෙය මෙම වසර තුළ මෝදි කර්ණාටක ප්‍රාන්තය වෙත ගිය අටවැනි අවස්ථාවද වෙයි.මෙම ගමනේදී මෝදි පැය දෙකක කාලයක් රක්ෂිතය තුළ රැදී සිට තිබේ. එසේම මෙම අවස්ථාව සැමරීම වෙනුවෙන් අගමැතිවරයා අතින් ඉන්දීය රු.50ක වටිනාකමින් යුත් සමරු කාසියක් නිකුත් කිරීමද සිදුව ඇත. එසේම මෙම රක්ෂිතය තුළ සිදුකරන ව්යාඝ්ර සංරක්ෂණය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ දෑ පිළිබඳ වාර්තාවක් මෙන්ම, ඉදිරි දැක්මක් පිළිබඳ සටහනක්ද අගමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමද සිදුවිය. අගමැතිවරයා සෆාරියේ නිරත වූ මෙම ව්යාඝ්ර රක්ෂිතය පිහිටි භූමිය කර්ණාටක ප්‍රාන්තයට අයත් චාමාරාජනගර් දිස්ත්‍රික්කයේ ගුන්ඩ්ලුපෙට් ටාලුක් වෙත සහ මයිසුරු දිස්ත්‍රික්කයේ එච්.ඩී. කොටේ සහ නාන්ජන්ගුඩ් ටාලුක් යන ප්‍රදේශ වෙත කොටස් වශයෙන් අයත් වූවකි.
ඒ අනුව, මෙම වනාන්තරය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ව්යාඝ්රයත් රැකගැනීමේ ව්‍යාපෘතියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් මයිසුර් දිස්ත්‍රික්කය තුළත් දින තුනක් පුරා ක්‍රියාත්මක දැවැත්ත ඉසව් ගණනාවක් සංවිධානය කිරීමටත් අගමැදි මෝදි කටයුතු යොදා තිබේ. එසේම ඊයේ දිනයේ මෙම රක්ෂිතයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මෝදි තමිල්නාඩු ප්‍රාන්තයේ මදුමාලයිහි පිහිටි ව්‍යාඝ්‍රයන් රක්ෂිතය වෙතද ගිය බව පැවසෙයි. මේ අතර මෝදි ඊයේ සෆාරියේ නිරත වූ ඛණ්ඩිපුර් ව්යාඝ්ර රක්ෂිතයට අයත් භූමිය ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාර සමූහයක් වන අදාති සමූහය අයත් ගෞතම් අදානි වෙත ලබා නොදෙන ලෙස එම ප්‍රාන්තයේ කොංග්රස් පක්ෂය ඊයේ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කළේය.
1973 වසරේදී එවකට ඉන්දියාවේ පැවැති කොංග්රස්පක්ෂ රජය මගින් මෙම ඛණ්ඩිපුර් ව්යාඝ්ර සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කළ බවත්, මේ වනවිට අතිසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව ඇති බවත් ඔවුන් එහිදී සදහන් කර තිබේ. එසේම මෙම රක්ෂිතය ඇතුළත් භූමිය ජාතික දේපළක් ලෙසද ඔවුන් හඳුන්වාදී තිබේ.
"අද ඔබ සෆාරියේ යෙදුණු මේ බඩිපුර් ව්යාඝ්ර රක්ෂිතයට අදාළ ව්‍යාපෘතිය 1973 වසරේදී එවකට පැවැති කොංග්රස් රජ්‍ය මගින් ආරම්භ කළ ව්‍යාපෘතියක්. එහි ප්‍රතිඵල ලෙස එම රක්ෂිතයේ ව්යාඝ්ර ගහණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අපිට ඔබගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරන්න තිබෙනවා. කරුණාකාරලා මේ ඛණ්ඩිපුර් වනාන්තරය අදාතිට අලෙවි කරන්න එපා.” යනුවෙන් එහි සඳහන්ව තිබේ. 1973 වසරේදී ව්‍යාඝ්‍රයන් 12 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම බණ්ඩිපුර් රක්ෂිතය තුළ අද වනවිට ව්‍යාඝ්‍රයන් 173දෙනෙකු පමණ සිටින බව සඳහන් වෙයි.
0 Comments