පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමඟි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය.

"ප්ලාන්ට් කරපු නිවුස් අසීමිත මුදල් කන්දරාවක් සමාජ මාධ්‍ය තුළට විසි කරමින් රනිල් වික්‍රමසිංහ මහත්මයගෙයි , රුවන් විජේවර්ධනගෙයි පත්තරවල මේ නිවුස් ප්ලාන්ට් කරනකොට මාධ්‍යවේදීන් කැළඹෙනවා.

ත්‍රස්ත පනත ගේන්නෙ මොකටද? මිනිස්සුන්ගේ කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරලා දාන්න.

මාධ්‍ය ආයතන අල්ලේ නටවන්න හදන්නේ. ඒකේ බිල්ලක් ඔබ වෙන්න පුළුවන්, මං වෙන්න පුළුවන්, පාරේ අහිංසක මනුස්සයෙක් වෙන්න පුළුවන්.

අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නෙළුම් මාවතේ එයාගේ අලි නටවනවා. ඔබලා හැමෝටම වැඩිය මම රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය දාන බොරු චන්ඩි පාට් ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයට කරන්න බෑ. නියම වෙලාව ආවම අපි පාරට බැහැලා පෙන්නන්නම්, හරිද..

IMF ප්‍රෝග්‍රෑම් එකේ දැන් තියෙන විදියටම යන්න ගියොත් ස්වේදේශීය ව්‍යාපාරිකයා සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දැන් පොඩි චූන් එකක් තියෙනවා රුපියල් 20000කින් වැඩි වෙච්ච ජීවන බර රුපියල 3000කින් විතර අඩු වෙලා තියෙනවා. වික්‍රමසිංහ මහත්තයගේ තියරිය තමයි ලොකු ගාණකින් වැඩි කරලා පොඩි ගානකින් අඩු කරන එක.

සමහර කට්ටිය ආසයි රනිල් එක්ක ආණ්ඩු කරන්න. ඡන්දෙ ඉල්ලනන බයයි රනිල් එක්ක."