The-Thai-gift-elephant-is-returned-because-it-was-not-taken-care-of-properly

තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතකු වන ‘සක් සුරින්’ තායිලන්තයට  නැවත ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය සොයා බලමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. දැනට දෙහිවල සතුන් වත්තේ රඳවා සිටින සක්සුරින් නිසියාකාරයෙන් රැක බලා නොගන්නා බවට සත්ව  අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයක් පසුගිය වසරේ පළ කල වාර්තාවක්  සමග තායිලන්ත රජය සක් සුරින් තායිලන්තයට නැවත ගෙන්වා ගැනීමේ තීරණයට එළඹුණු බව එරට මාධ්‍ය පෙන්වා දී ඇත.

2001 වසරේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට ත්‍යාග කරන ලද සක් සුරින් ගැන තායිලන්ත විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා කාංචනා පටරචෝකේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වසරේ පෙබරවාරි මාසයේ සිට සක් සූරීන් තායිලන්තයට ලබා දෙන ලෙස රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවයි.


“ස්වාභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය සක් සූරීන්ට වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තායිලන්තයට ආපසු යාමට නියමිත ප්‍රවාහන ක්‍රමය සකස් කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන තහවුරු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී.සක් සූරීන් දැන් තායිලන්තයට නැවත පැමිණෙන තෙක් බලා සිටී," ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

කෙසේ වෙතත්, පසුගිය වසරේ,  සත්වයාට වැරදි ලෙස සැලකීම සම්බන්ධයෙන් පැමිණිලි  එැසක් ලැබ ඇති අතර විමර්ශනයේදී සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහී ඇතැයි අනාවරණයවී ඇත.
කාංචනා පැවසුවේ තායිලන්ත විදේශ අමාත්‍යාංශය සක් සූරීන්ගේ යහපැවැත්ම සහ තත්ත්වය සමීපව නිරීක්ෂණය කර ඇති අතර ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය මෙන්ම කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය සමඟ සමීපව සම්බන්ධ වෙමින් සිටින බවයි.
“සක් සූරීන් 2022 නොවැම්බර් මාසයේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට මාරුකර යවා තිබුණි.එතැන් පටන් සක් සූරීන්ට තවමත් වම් ඉදිරි පාදය නැමීමට නොහැකි  වී ඇත,” ඇය පැවසුවාය.



සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සක් සූරීන්ගේ රුව පැරණි පින්තූරයක් බවද කාංචනා පැවසුවාය.
“පශු වෛද්‍යවරයෙක් සහ තායි ඇත්ගොව්වෙක් සක් සූරීන්ගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කර ඇතාට ප්‍රතිකාර කරමින් සිටිනවා,” ඇය පැවසුවාය.
තායිලන්ත රජය සක් සුරින්ගේ තත්ත්වය පිළිබඳ  දැනුවත්වු නමුත් සක් සුරින්ගේ සිරුරේ විශාලත්වය සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තායිලන්තයට නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එරට රජයට ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇතැයි තායිලන්ත මාධ්‍ය සඳහන් කර ඇත.  සී 130 ප්‍රවාහන ගුවන් යානයක් භාවිතා කරමින් සක් සුරින් තායිලන්තයට නැවත ගෙන්වා ගැනීම මූලික සැලස්ම වූ බව ඒ  පිළිබඳ අදහස් දක්වමින් එරට ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරවුට් ශිල්ප ආචා මහතා ප්‍රකාශ කර ඇත. සී 130 ප්‍රවාහන ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන කොටසට විශාලත්වය හේතුවෙන් සක් සුරින් ඇතුළු කිරීමට නොහැකිවීම නිසා එම අදහස් අතහැර දැමූ බව අමාත්‍යවරයා පවසා ඇත.

තවත් විකල්පයක් ලෙස සක් සුරින් ගෙන්වා ගැනීමට  නෞකාවක් එවීමට තායිලන්ත රජය සැලසුම් කළත් ගමනට සති දෙකක් ගත වන බැවින් එය තුවාල ලබා සිටින සක් සුරින්ගේ  සෞඛ්‍ය තත්ත්වයට යහපතක් නොවන බැවින් එම විකල්පයද අත්හැරදැමූ බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. ඒ හේතුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍යාංහය සක් සුරින් තායිලන්තයට නැවත ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පවසා ඇත.