cadinal-speaks

අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැති මාධ්‍ය හමුවකදී පාස්කු ඉරිදා බෝම්භ ප්‍රහාරය සම්බන්ධව මෙසේ පැවසූහ.

"පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්ථාවේ විධායක සාරාංශයේ 3 වෙනි පිටුවේ සඳහන් කරනවා පැහැදිලිවම මේක දේශපාලන කුමන්ත්‍රණයක්  කියලා. යම් කිසි පිරිසක් බලයට ගෙන ඒම සඳහා මෙය සිදු වුනා දැයි බරපතල සැකයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. හිටපු නීතීපතිවරයත් මේක මහා කුමන්ත්‍රණයක් කියලා සඳහන් කරලා තියෙනවා.



සත්‍ය යට ගැසීම පිණිස මෙන්ම එම අපාරාධකරුවන් ආරක්ශා කිරීම පිණිස ගොඩනැඟෙන දූෂිත දේශපාලන බල අධිකාරියක් මේ රට තුළ තිබෙන නිසා දේශපාලන බලය ලබා ගැනීම සඳහා හොඳම සහ සාර්ථකම ක්‍රමය පාස්කු ප්‍රහාරය වැනි මිලේච්ඡ මිනිස් ඝාතනයක් සිදුකොට බලයට පැමිණීම බව අපිට පැහැදිලිව පෙනෙනවා.

පාස්කු ඉරිදා බෝම්භ ප්‍රහාරයේ සත්‍යය සහ යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 වන සිකුරාදා ජන පවුරක් ඉදිකිරීමට එකට එක්වන ලෙස අපි අපේ රටේ සියළුම පුරවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. උදේ 8 ඉදලා 9 දක්වා කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පටන් අරන් කටුවාපිටියෙ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා මඟ දෙපස මීගමු කොළඹ මහා මාර්ගය. 9ට ඉවර වුනාම අපි ආගමික මෙහෙයන් පවත්වනවා."