පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු නීතීපති දප්පුල ද ලිවේරා මහතා සාක්කිකරුවෙකුට වඩා චදිතයකුගේ තත්ත්වයට දමා ඇති බවත්, මෙම සිද්ධියෙන් ඔහු අපහසුතාවට පත් කර සැබෑ චූදිතයන් සොයා ගැනීමට නොහැකි වීම වසා ගනීමින් පොලීසිය හා ආරක්ෂක අංශ කටයුතු කරන බවත් මැල්කම් නාදිනල් රංජිත් කොළඹ අගරදරුතුමෝ ඊයේ (21) පුකාශ කළහ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිට දුන් පිටු 189 ක වාර්තාව කියවා එහි කරුණු අනුව ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ද කාදිනල්තුමෝ පැවසුහ.
කොළඹ අගරදරුතුමන් පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට වසර 4 ක් සපිරිම නිමිත්ගතන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ඊයේ (21) උදේ පැවැති විශේෂ සැමරුම් උත්සවය අමතමිනි.
එම බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය අය සිහි කරමින් සහ තුවාල ලැබුවන් හා සදාකාලික අබාධිත තත්ත්වය පත් වුවන්ට ආශිර්වාද කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ මෙහෙයවීමෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයෙන් පෙරේදා (20) ආරම්භ වු පා ගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයට ඊයේ (21) ළඟා වූ අතර, එම සියලු පිරිස එක්ව කොච්චිකඩ දේවස්ථානයය් දී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත් වූහ.
එම සැමරුම් උත්සවයට ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය ද අයනෙකුත් ආගමික නායකයෝ ද සහභාගි වුහ. කාදිනල්තුමෝ එහිදී විශේෂ දේශනයක් පැවැත් වුහ.
ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද වගකිවයුත්තන්ට ජනාධිපති කොමිෂන් සභාව කර ඇති නිර්දේශවත් ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීමට මැලි වූ නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිසියට බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව ද කාදිනල්තුගමෝ පැවසුහ.
මෙම ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කරන්නට පත් කරන ලද විජිත් මලල්ගොඩ විමර්ශන කොමිසම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ ජනාධිපති කොමිෂන් සභාව, විමර්ශනයන්හි වාර්තා අසම්පූර්ණ අයුරින් හෝ ප්‍රසිද්ධියට පත් කර තිබුණත්, ඒවායින් ගම්යව ඇති යෝජනා හා නිර්දේශ පිළිබඳව ජනතාව නිසි පරිදි දැනුවත් කිරිමට පවතින රජයන් මේ වනතුරුත් ක්‍රියාත්මක වී නොමැති බව, කාදිනල් තුගමෝ කීහ.
ඒ පිළිබඳව ඔවුනට කිසිදු වුවමනාවක් නොමැති බව ද කාදිනල්තුමෝ පැවසුහ.
යම් අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වූ පවුල්වල සාමාජිකයන් සගවන වේදනාකාරි ජීවිතය තමන්ට කිසිදු දිනක අමතක කළ නොහැකි බව, කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.
මෙම ප්‍රහාරය මතුපිටින් පෙන්වන අයුරින් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් වුවත් මේ පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිඛෙන බවද කාදිනල්තුමෝ සඳහන් කළහ.
හමුදා බුද්ධි අංශය සහ සහරාන් හසීම්ගේ ත්‍රස්ත කණ්ඩායම් අතර කලක සිට පැවති ගනුදෙනු මොනවා ද සොයා බැලීමට කිසිවකු කටයුතු කළේ දැයි ප්‍රශ්න කරන බවද කාදිනල්තුමෝ සඳහන් කළහ.
වත්මන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා කතෝලික සභාව සඳහා අවංක සංවාදයකට සුදානම් බවට නොබෝදා ප්‍රකාශ කළ බවත් මෙම දෙබිඩි ප්‍රතිපත්තිය රැක ගනිමින් එවැනි ප්‍රකාශයක් සිදු කළේ ද යන්න ගැන ප්‍රශ්නයක් නැගෙන බවත් කාදිනල්තුමෝ පැවසූහ.
රටතුළ ප්රජාතන්ත්රවාදී නිදහස සහ මානව අයිතිවාසිකම් නසා දමා ඒකාධිපතිවාදය රජ කරවා ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසීමට පියවර ගන්නා රටේ අද පවතින නායකත්වය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව ද කාදිනල්තුමෝ පැවැසූහ.
ජාති, ආගම්, භාෂා වෙනස්කම් මත බෙදිය නොහැකි සහ උසිගන්වා කොටවන්නට බැරි තැනකට ජනතාව පත්ව ඇති බවත්, එලෙස භේද බින්න කිරීමට දේශපාලනය කරන අය ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වී ඇති බවත් කාදිනල්තුමෝ පැවසූහ.
- ඉන්දිකා රාමනායක
0 Comments