
වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.
"අපි පොලිස්පතිවරයට පැමිණිල්ලක් භාර දුන්නෙ මේ එක්ස්ප්‍රස් පර්ල් නැව නිසා අපේ රටේ හානිය පිළිබදව නීතිමය පියවර ගැනීම සඳහා. අපේ මුහුද අපිට හානිය වුණේ අපි මේකට නඩුවක් දාලා අපි තීරණේ අරගෙන අදාල නැව් සමාගම් වලින් වන්දි අය කර ගන්න කටයුතු නොකර සිංගප්පූරුවේ නඩු දාන්න යනවා. කවුද උපදෙස් දුන්නේ සිංගප්පූරු යන්න.
අන්න විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා එළියෙත්, පාර්ලිමේන්තුව ඇතුලෙත්, අපිට බිලියන ගානක වන්දි ගන්න තිබිච්ච එක නවත්වන්න පගාවක් අරන් තියෙනවා දේශපාලකයින්ගෙන් හිතවතෙක් කියලා. කවුද මේ චාමර ගුණසේකර කියලා කෙනෙක්. රුපියල් කෝටි 8050ක පගාවක් ගත්තනම් මේ වෙලාවේ ඒක අය කර ගන්න කටයුතු කර ගන්න.
ගූගල් සර්ච කරපුවාම චාමර ගුණසේකර හොයනකොට ඉස්සෙල්ලාම එනවා විජේදාස රාජපක්ෂගේ ෆොටෝ එක. දෙවෙනියට එනවා ගෝඨාභය රාජපක්ෂගේ ෆොටෝ එක. ලෝකයම දැන් දන්නවා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා. වන්දිය දෙන්න ඕනේ රක්ෂණ සමාගම්.
අන්න අධිකරණ ඇමතිවරයගේ වොයිස් කට් එක අපි දීලා තියෙනවා පොලිස්පතිතුමාට. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ලබාගත යුතු වන්දි ප්‍රමාණය අර ගන්න. මේ වංචාව පිටිපස්සේ හිටපු මිනිස්සුන්ව හොයන්න."
Comments
Post a Comment
Your comment will be visible after approval