සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අපහාස කළ බවට රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා නඩු පවරා තිබෙයි.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසන්නේ අසේල ධර්මසිරි යන අයෙකු විසින් ටෘෘත් විත් චමුදිත යන යූ ටියුබ් නාලිකාව තුළින් හා ඔහුගේ මුහුණුපොත් ගිණුම් ගණනාවක් මගින් තමා ඉලක්ක කරගනිමින් විවිධ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කර ඇති බවයි.


ඒ තුලින් තම කීර්තිනාමයට මෙන්ම ප්‍රතිරූපයට හානියක් සිදු වූ බව පවසන ආරක්ෂක ලේකම්වරයා එම නාලිකාවේ හිමිකරු වන චමුදිත සමරවික්‍රමට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පවරන බව පවසයි.
මේ අතර රාවනා ලංකා ඩොට් එල්කේ නැමැති වෙබ් අඩවියක් මගින් ද තමන්ට අපහාසයක් සිදු වූ බව පවසන ආරක්ෂක ලේකම්වරයා එම වෙබ් අඩවිය මෙහෙයවනු ලබන සැලකෙන ජී.පී නිශ්ශංක යන අයගෙන් ද රුපියල් මිලියන 500 ක් ඉල්ලා නඩු පවරන බවද පවසයි.