නිදහස් ජනතා සන්ධානයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.
"මේක ආණ්ඩු විරෝධීන්ව මර්දනය කරන්න ගෙනාපු පනතක්. ජේ.ආර් ජයවර්ධන මහත්තයා එදා කරපු වැඩේ අද කරන්නයි හදන්නේ. ප්‍රතිත්‍රස්ත පනතට අපේ කිසිම සහයක් ලැබෙන්නේ නැහැ. ඔක්කොමට වැඩිය හොඳයි අලි සබ්රී ඇමතිතුමයි, විජේදාස රාජපක්ෂ ඇමතිතුමයි එතුමන්ලා දෙන්නා අතර සංවාදයක් යන්න ඕනේ මේ පනත ගැන.
නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්න ප්‍රමාණය දිහා බලපුවම පෞද්ගලික තරහා කාරයෙක් වුණත් රඳවගන්න පුළුවන් පනත යටතේ. අපි අන්තර්ජාතිකව හෑල්ලුවට ලක් වීමක් සිද්ධ වෙන්නෙ. රටේ ප්‍රජාත්‍රන්තවාදයට, සාමකාමී වාතාවරණයට තර්ජනයක් වෙනවා. මේ පනත යටතේ මුළු රටම හැමදාටම හදිසි නීති තත්වයක් යටතේ ඉන්න තත්වයක් තමයි තියෙන්නේ."
0 Comments