
පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියක ගෙළ කපා ඊයේ (07) උදෑසන ඝාතනය කරන ලද සිදුවීක් වාර්තා විය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි අංජලී චාපා (25) නැමැති තරුණියකි.
පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා පෙරවරුවේ යමින් සිටියදී ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවකු ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර තිබුණි.
පෙර පාසල් ගුරුවරිය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඇය තමන්ව බේරා ගන්න ලෙස පවසමින් ඉන් මීටර්100ක් පමණ දුරකින් පිහිටි සිය නැන්දාගේ නිවස වෙත දිවගොස් ඇති බවද අනාවරණය විය.
නිවසේ සිට පෙර පාසලට යන අතර තුර දුරකථනයෙන් කිසිවෙකු සමඟ කතා කරමින් ගොස් ඇති බැවින් ඇයගේ ජංගම දුරකථනයෙන් ලබාගන්නා දත්ත ඔස්සේ පරීක්ෂණ සිදුවේත මෙය ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගනිමින් සිදුවූ ඝානතනයක් ද යන්න ගැන සැක සහිත කරුණුද පොලිසියට සැලව ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අංජලී චාපා සෙනෙවිරත්න නැමැති තරුණියකි.
Comments
Post a Comment
Your comment will be visible after approval