charitha-herath-speaks

නිදහස් ජනතා සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.
"මේ රටේ දේශපාලනය මේ සිංහල හින්දු අළුත් අවුරුදු කාලෙන් පස්සේ ඉතාමත්ම වෙනස් තැනකට තල්ලු වෙන්න නියමිතව තියෙනවා. මහ බැංකු පනත සංශෝධිත කර ගැනීමේ ඉඩකුත් තියෙනවා. ප්‍රශ්න ගනණාවක් එක්ක මේ 25 වෙනිදයින් පටන් ගන්නවා. ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව එකක්, අගමැතිවරයා ඉදිරිපත් කරපු එක තව එකක්. ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක්.



මේ අයට කැමති දෙයක් කරන්න පුළුවන් විදියට මේක කරව ගනිමින් ඉන්නවා. ඒකෙ පළවෙනි දේ තමයි මේ 25 වෙනිදා ඉදළා පටන් ගන්නේ මේ IMF වැඩසටහන ඉස්සරහට දාගෙන තමන් කැමති කැමති දේවල් ආණ්ඩුව ජනතාවට එරෙහිව සිදු කරන්න ආරම්භ කරලා තියෙනවා.

මේ දවස් වල කතා කරනවා ජාතික ආණ්ඩුවක් හදන්න ඕනෙ කියලා. මේ ආණ්ඩුව හදන්න කියලවත් කවුරුවත් කිව්වෙ නෑ. කවුරු හරි මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් කියලා සළු පිළි අන්දන්න යනවනම් ඒ අය කරන්නෙ මේ ජනතාවට විරුද්ධව මේ අය කරගෙන යන වැඩ වලට සීල් එකක් ලබා දීම. මේක සම්පූර්ණ ජනතා ද්‍රෝහී ක්‍රියාවක්. ඒ සීල් එකේ ඉත්තෝ වෙන්න කැමති අය ගියාට කමක් නෑ.

පොහොට්ටුවේ අය බැසිල් රාජපක්ෂගේ අයවැය කුජීතයි කියනකොට අත්පුඩි ගහනවා. මේ ආණ්ඩුව දැන් හිතනවා ජනතාව කියන්නෙ ත්‍රස්තවාදීන් කියලා. රාජ්‍ය සේවකයා කියන්නේ ත්‍රස්තවාදීන් ඒකට එරෙහිව මේ පනතක් ඕනෙ කියලා තමයි මේ කියන්නෙ. පොහොට්ටුව හැදුවෙම රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සම්පත් විනාශ කරන එකට විරුද්ධ වෙන එක. මං අහන්න කැමතියි ඒකේ ඉන්න දේශපාලන නායකයින්ගෙන් මේකට එකඟ වෙනවද?"