මාස කිපයක විවාහය එපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ හලාවත මානුවන්ගම ප්‍රදේශයෙ මව්පියන්ගේ නිවසේ සිටි 18 හැවිරිදි විවාහක තරුණියක බවයි.
මෙම පැහැර ගැනිමට ලක්වු තරුණිය හලාවත ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටියදී උපකාරක පංති වලට සහභාගි වෙමින් සිටියදී 19 හැවිරිදි තරුණයකු සමග හාදකමක් පවත්වා ඇති බවත් ඒ අනුව මව්පියන්ට හොර රහසේ දඹුල්ල ප්‍රදේශයෙ එම තරුණයා සමග නිවසට පැන ගොස් තිබුණි.
පෙර කී පැහැර ගැනිම ඉකුත් 19 දින උදැසන සිදුව ඇති අතර එම පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාවගෙ විවාහක සැමියා පස් දෙනෙකුගෙන් සමන්විත මැරයින් පිරිසක් සමග පැමිණ ඇය රැගෙන ගොස් තිබේ.
තරුණයා සමග විවාහය නීතත්යානුකූලව සිදු කර මෙම තරුණිය මාස කිපයක් පමණක් එකට දිවි ගෙවා ඇති නමුත් 19 හැවිරිදි තරුණ සැමියා විසින් සිදුකළ හිරිහැර ඉවසා ගත නොහැකිව ඇය විවාහය අතැරයන්නට තීරණය කර තිබුණි.
තමන් පත්ව ඇති තත්වය පිළිබදව පසුව කඩිනමින් මව්පියන්ට දැනුවත් කර ඇති ඇය ඔවුන් ලබා දුන් උපදෙස් මත පසුගිය මාර්තු 20 දින විවාහක සැමියා සමග මහනුවර නගරයට පැමින ඇති බවත් එයින් පසු සැමියාට සැක නොසිතන ලෙස මගහැර මව්පියන් සමග ආපසු හලාවත මානුවන්ගම නිවසට පැනගිය බවත් පැවසේ.
එසේ මව්පියන්ගේ නිවසේ රැදි සිටියදී අදාල විවාහක සැමියා තවත් පිරිසක් සමග වෑන් රථයකින් පැමිණ තම විවාහක බිරිද බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබෙයි.
එම පැහැර ගැනිම සිදුවන අවස්ථාවේදි මෙම තරුණ කාන්තාවගෙ මව පමණක් නිවසේ සිට ඇති අතර ඇයටද මෙම පිරිස පහර දී තරුණිය විලාප තබා කෑගසන විට පැහැර ගැනිම සිදුකර තිබුණි.
පැහැර ගැනිමට පැමිණි සැමියා හා අනිකුත් පිරිස හා පැහැර ගත් තරුණ කාන්තාව සොයා හලාවත මුලස්ථාන පොලිසිය මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.
0 Comments