රහස් පොලිසියෙන් බව පවසා තමන් පැහැරගෙන ගොස් රුපියල් 20,000ක මුදලක් කොල්ලකෑවේ යැයි ගලිගමුවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඩී.ඒ.කේ. ගයාන් ජයසිංහ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ප්‍රධාන කාර්යාලයට තම පැමිණිල්ල බාරදීමෙන් පසු මාධ්‍ය වෙත තමන් මුහුණ දුන් සිදුවීම් ඒ මහතා මෙසේ විස්තර කළේය.
මා පසුගිය දිනෙක මගේ 15 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි පුතා සමග ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී ඉකුත් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල පෙන්වා තර්ජනය කර අත් මාංචුද දමා පැහැරගෙන ගියා. ඔවුන් දරු දෙදෙනා මහමගට ඇද දැමුවා. මේ පිරිස ජීප් රථයේම තමන්ව නංවාගෙන යද්දී මගේ පසුම්බියේ තිබූ රුපියල් විසි දහසක මුදලක් ජීප් රථයේ ඉන්ධන සඳහා බව පවසමින් ලබාගත්තා.
ඉන්පසු ජීප්රිය සමග වරකාපොළ ප්‍රදේශයේදී අතහැර දමා ගියා. කෑගල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරින්ට දන්වා මා පැමිණිල්ලක් කළ පසු පිරිස රහස් පොලිස් නිලධාරීන් බව මට දැනගැනීමට ලැබුණා යැයිද ඒ මහතා කීය. නීතිඥ අංජන සී. කුලරත්න මහතා සමග මහනුවර මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි කුමුදිනි විතාන මහත්මිය වෙත ගයාන් මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ජේ.ඒ.එල්. ජයසිංහ
0 Comments