විවිධ දූෂණ, වංචා සහ අක්‍රමිකතා මෙන්ම කාර්ය සාධනය සම්බන්ධයෙන් පුළුල්ව කරුණු විමසීම සඳහා රාජ්‍ය ආයතන 420 ක ප්‍රධානීන් මේ වසරේදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට තීරණය කර ඇත. කෝප් කමිටු විමර්ශන මේ වසරේදී පුළුල් කරන බව එම කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
මේ අතර රාජ්‍ය ආයතන තවත් හතරක් ඉදිරි සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවන බවද ඔහු සඳහන් කළේය.
මෙසේ කැඳවෙන්නේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතන හතරයි. එම ආයතන වලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට මෙයට පෙරද කැඳවා තිබිණි. ඒ ආයතන යළි කැඳවෙන්නේ ඒවායේ කටයුතු පිළිබඳව පසුවිපරම් කිරීම සඳහා යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර රාජ්‍ය ආයතන රැසකට කෝප් කමිටුව පසුගිය සති කිහිපයේදී විවිධ නිර්දේශ තිහක් පමණ ලබාදී ඇතැයි එම කමිටු ආරංචි මාර්ග සඳහන් කළේය.
අංජුල මහික වීරරත්න
0 Comments