රැකියාව අතරතුර මත්පැන් පානය කිරීම නිසා විදුලි කාර්මිකයකු සේවයෙන් පහ කිරීමට ස්පාඤ්ඤ සමාගමක් තීරණයක් වැරදි බවට එරට උසාවි නඩුවක තීන්දුවකින් ප්‍රකාශයට පත් කර තිබේ.
ස්පාඤ්ඤ අධිකරණය තීරණය කර ඇත්තේ මෙකී පුද්ගලයා බීමත්ව සිටි බව ඔප්පු කිරීමට නොහැකි වූ බවයි. එබැවින් ඔහු රැකියාව අතරතුර බියර් ලීටර් තුනකට වඩා පානය කළ බවට චෝදනා කරමින් සේවයෙන් පහ කිරීමට ඔහු සේවය කළ බව කියන විදුලි සමාගම ගත් තීරණය නිවැරදි නොවන බවයි.
එරට නීතිය අනුව වැඩ කරන වේලාවන් තුළ මත්පැන් පානය කිරීම සාමාන්‍යයෙන් නොකළ යුතු කටයුත්තක් වන අතර එය සේවයෙන් පහ කිරීමට හේතුක් විය හැකිය.
නමුත් ස්පාඤ්ඤයේ මුර්සියා හි මහාධිකරණයට අනුව එය සත්‍ය වන්නේ විත්තිකරු බීමත්ව සිටි බවට සැකයකින් තොරව සේවායෝජකයාට ඔප්පු කළ හැකි වූ විටයි. රැකියාවේදී මත්පැන් පානය කිරීම නිසා ඔවුන් බීමත්ව, මත් වී සිටින බව පෙන්වීමට අපොහොසත් වීම හෝ ඔවුන්ගේ කාර්යය කිරීමට නොහැකි වීම නිසා සේවයෙන් පහ කරන ලද සේවකයා නැවත සේවයේ පිහිටුවීමට හෝ ඔවුන්ට යුරෝ 47,000 (ඩොලර් 52,000) ගෙවන ලෙස අධිකරණය මෙකී නඩුවේදී විදුලි සමාගමකට නියෝග කර ඇතැයි වාර්තා විය. මෙම මතභේදාත්මක තීන්දුවෙහි සඳහන් වූයේ, පැහැදිලිවම බියර් පරිභෝජනය සාධාරණීකරණය කළහැකි උණුසුම් මර්සියානු ගිම්හාන සමය සලකා බැලීමට සමාගම අපොහොසත් වූ බවකි.
2021 සැප්තැම්බර් මාසයේදී, මෙම ස්පාඤ්ඤ විදුලි සමාගම විසින් වසර 27 ක් පුරා සමාගමෙහි සේවය කල විදුලි කාර්මිකයෙකු සේවයෙන් පහ කරන ලද්දේ 'ප්‍රයිවට් අයි' නමැති පුද්ගලික රහස් පරීක්ෂකයෙකුගේ නිරීක්ෂණයක් මත සති කිහිපයක් තිස්සේ රැකියාවේදී නිරන්තරයෙන් මත්පැන් පානය කළ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමෙනි.
ඉහත සාක්ෂි විදුලි කාර්මිකයා සේවයෙන් පහ කිරීමට සමාගම ගත් තීරණය සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව සහ මර්සියන් මහාධිකරණය ඊට එකඟ නොවී එම පුද්ගලයාට වන්දි ගෙවීමට හෝ ඔහුව ආපසු සේවයට ගන්නා ලෙස විදුලි සමාගමට නියෝග කර තිබුණි.
0 Comments