පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.
"පාස්කු ප්‍රහාරයේ තාම මහ මොළකාරයෙක් අල්ල ගන්න බැරි වුනා. අපපේ කතෝලික ජනතාව විශාල වන්දියක් ගෙවමින් ඉන්නවා. ඒ කාලේ රාජ්‍ය නායකයා වෙලා හිටපු අපේ ජනධිපතිතුමාට සිද්ධ වෙලා තියෙනවා කෝටි 10ක් වන්දි ගෙවන්න. කවුද මේක කරේ කියලා හොයන්න තාම කවුරුත් නෑ.
අපි කියන්නේ මේක කරපු මිනිහා හොයන්න. කාදිනල් උන්නාන්සේ ජනාධිපතිට චෝදනා කරලා වැඩක් නෑ. හිටපු ජනාධිපති හැටියට මෛත්‍රී ජනාධිපතිතුමාට සහ එතුමා පත් කරපු අයට වන්දි ගෙවන්න වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් අනුව. මේකෙන් ප්‍රශ්නේ ඉවරවෙනවද?
මේ රටේ ආණ්ඩුවක් බලයට පත් කරන්න මැදිහත් වුනේ රටට පිටින් ඉන්න බලවතුන්. ආසියානු බලවතුන්, යුරෝපීය බලවතුන්, මේ අයට කැමති කෙනෙක් ජනාධිපති කෙනෙක් ජනාධිපති කිරීම සඳහා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරපු බව අපිට තේරුනා. අපි ඒක අත්දැකීමෙන් දන්නවා. අදත් ඒක සිද්ධ වෙනවා. හෙටත් සිද්ධ වෙන්නෙ ඒක."
0 Comments