dayasiri-speaks

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වී මෙසේ පැවසීය.

"මේ ත්‍රස්ත විරෝධී පනතේ ත්‍රස්තවාදය පිළිබඳව නිර්වචනය නෑ. ඒ වෙනුවට තියෙනවා ත්‍රස්තාවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදු කර ඇත්නම්.
රාජ්‍ය ත්‍රස්තවාදී පනත කිව්වනම් මේක ඊට වැඩිය හොඳයි. මේ ගොල්ලො කරන්නෙ තමන්ගේ ආණ්ඩු ගෙනියන්න අවශ්‍ය කරන මර්ධනකාරී නීති රීති ටික මේක ඇතුළට ගෙනියන්න තමයි මේගොල්ලෝ උත්සහ කරලා තිබෙන්නෙ.

කවුරුහරි පිට රටක ඉන්න එක්කෙනෙක් මෙහෙ ඇවිල්ලා ත්‍රස්තවාදය සම්බන්ධ වැඩ පිළිවෙලක් සකස් කළොත්, ඔක්කොම කරලා ඉවර වෙලා එයා පැනලා ගියොත් එහෙම, දෙන්නෑ.

ඇමරිකානු තනාපති කාර්‍යයාලය ඉස්සරහා උදඝෝෂණ කරනවා, මේකක් කරොත් මේ පනත යටතේ ඔවුන් අතඩංගුවට අරගෙන මාස 3ක් හිර භාරයේ තියන්න පුළුවන්.

ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි කරලා හයියෙන් කෑ ගැහුවොත් අල්ලන් ගිහිල්ලා ඇතුළට දාන්න පුළුවන් තත්වයක් ඇති කරලා තියෙනවා. කිසියම් මිනී මැරුමක් හෝ මංකොල්ල කෑමක් සිදුවුනු විට අයුතු ජන රාශියක කොටස් කරුවෙන් බවට පත් වෙලා හිටියනම් ඔහු මේ වරදට වරදකරුවෙක් බවට පත් වෙනවා. පොලිසියේ බලතල හමුදාවට ලබාදෙන අවස්ථාවකුත් මේකේ තියෙනවා. මාස තුනක් රදවා ගැනීමේ නියෝගය ලබාදීමේ බලය පොලිස්පතිවරුන්ට තියෙනවා. බටලන්ද වගේ එකක් හදන්න පුළුවන් ඕනෙ නම්.

පාස්කු ප්‍රහාරය ගත්තම අද වෙනතුරු කවුරුවත් හොයාගෙන නෑ. මේවයින් වෙන්නේ මේවා තවත් හොයාගන්න බැරි තැනකට තල්ලු වෙනවා. ඇත්ත තත්වය වසන් කරන වැඩ පිළිවෙලක් තමයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ.  
දේශපානික නායකයින් ඕන වෙලාවක සිරගත කරන්න මේකේ පැහැදිව සඳහන් වෙලා තියෙනවා. ඔහු තර්ජනයක් වෙනවනම් ආණ්ඩුවට ජනාධිපතිවරයට බලය තියෙනවා සම්පූර්ණ අර ප්‍රජා අයිතිය අහෝසි කරනවා වගේ වැඩක් මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. ජනාධිපතිවරයට අතිවිශාල බලයක් මේ ත්‍රස්ත විරෝධී පනතෙන් ලබා දීලා තියෙනවා."