
ඊයේ (31) රාත්‍රියේ දෙහිවල ගුවන් පාලම මත සිදුවූ රිය අනතුරකින් පසු මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගිනිගැනීමට ලක්ව තිබේ.
මෝටර් රථය සහ ත්‍රීරෝද රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර තුවාල කරුවන් වාර්තාවී නැත.
මේ අනතුර හේතුවෙන් ගුවන් පාලම මත ගමනාගමනය තාවකාලිකව නතරවී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval