deniyaya-incident

දෙණියාය ,පල්ලේගම  ප්‍රදේශයේ නිවෙසක් තුළ දින පහකට පමණ ඉහතදී මියගිය පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් ඉකුත් 3 වැනිදා ලද තොරතුරක් මත සොයා ගැනීමට හැකි වූ බව දෙණියාය පොලීසිය පවසයි.  මෙසේ මියගොස් තිබුණේ, 80 හැවිරිදි මායා අලවු  නමැති බෙවරලිය,  දෙණියාය ලිපිනයේ පදිංචි පුද්ගලයකු බව මූලික  පරීක්ෂණවලින් හෙළි වී  ඇත.



මියගිය  පුද්ගලයා පල්ලේගම ප්‍රදේශයේ පුද්ගලික වත්තක මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයකු බව පොලීසිය කියයි.  ප්‍රදේශවාසීන්ට එම  නිවෙස දෙසින් හමා ආ දුර්ගන්ධයක් නිසා මේ බව පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමකින් දන්වා ඇතැයි පොලීසිය කීය. මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එස්. ඩී. කොඩිකාර