dimuth-karunaratne

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැති ටෙස්ට් තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වී මෙසේ අදහස් දැක්වීය.

"අයර්ලන්ඩ් බෝලින් ලයින්අප් එකත් අන්ඩර් එස්ටිමේට් කරන්න බැහැ. ඒ ගොල්ලන්ගේ එකම දේ තියෙන්නෙ මේ ෆෝමැට් එකේ ගහලා නැති හින්දා හරියට ෆීල්ඩ් සෙටින්ග්ස් තමයි අල්ල ගන්න අමාරු වෙලා තිබ්බේ.



පළවෙනි පැය සර්වයි වෙලා මම දන්නවා විකට් එක කොහොමද ලොකු එකකට කන්වර්ට් කරන්නෙ කියලා. ඒකට මයින්ඩ් එකෙන් ප්‍රෙපරේශන්ස් තමයි ඕන වෙලා තිබ්බේ. සදීරට මම ගොඩක් කියන්නෙ එයාගේ විකට් කීපින් පැත්ත ගොඩක් ඉම්ප්‍රෘව් කරගන්න කියලා. බැට්ස්මන්ලා විදියට අපි ගොඩක් රන්ස් ගහලා තිබ්බා. සමහර සිටුවේශන්ස් එනවා අපිට ප්‍රෙඩික්ට් කරන්න බැහැ. ඉස්සරහට කාලෙ අඩු වුනත් අපි කොහොමද අපේ අමාරුකම් පැත්තකට දාලා ටීම් එක කෝල් අවුට් කරන්නේ කියලා.

හැම තරඟයක්ම ජයග්‍රහණය කිරීම තමයි වැදගත් වෙන්නේ කණ්ඩායමක් විදියට. ඕනම තරඟයක් එක ලකුණකින් හරි දින්නත් මට ඒක වටින තරඟයක් වෙනවා.

එදා රස්නෙත් එක්ක මාර අමාරුවෙන් හිටියේ. ලොකු ස්කෝ එකකට යන්න තමයි ප්ලෑන් එකක් තිබුනේ. ප්‍රභාත්ගේ මම දකිනවා ඒ ලයින් ඇන්ඩ් ලෙන්ත් එක. බේසික් දේවල් තමයි මම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නෙ ගොඩක් දෙනෙකුගෙන්. අපි දන්නවා මෙතන මාර සපෝර්ට් එකක් තියෙනවා ස්පිනර්ස්ලට.

නවක ක්‍රීඩකයොත් හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් මම තාම හිතනවා දෙන්න පුළුවන් 100% ම නෑ කියලා. බෝලින් වයිස් ගත්තොත් මට හිතෙනවා අපි තාම පහළ මට්ටමේ ඉන්නේ කියලා. අපි ප්ලෑන් එකක් දැම්මට ඒ ප්ලෑන් එකට හරියට ඇප්ලයි වෙන්නේ නැති දෙයක් මම දකිනවා. කන්ඩිශන් වලට ඇප්ලයි වෙන එක තමයි එකම තියෙන අඩුපාඩුව. අපි හොඳ ස්ටාර්ට්ස් ගන්නවා ලොකු ඒවට යනවා හරි අඩුයි."