කුකුළු ගොවිපොළවලින් ඉවත් කරන ලද බිදුණු අසුචි මිශ්‍ර බිත්තරවලින් අඩු මුදලට කොත්තු හා රයිස් අලෙවි කරන ස්ථාන වටලා හිමිකරුවන් හය දෙනෙකු සමගින් පරිභෝජනයට නුසුදුසු බිදුණු බිත්තර තොගයක් හා ඒවා එම ස්ථානවලට අලෙවි කරන ප්‍රධාන ජාවාරම්කාරියත් 11 වැනි අත් අඩංගුවට ගැනීමට කොටවෙහෙර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හැකි වී තිබේ.
පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ රුපියල් 250- 300 අතර මුදලට කොත්තු හා රයිස් පාසල් සිසුන්ටත්, රුපියල් 500 ක් වැනි මුදලට වැඩිහිටියන්ටත් ඒවා අලෙවි කරන නිසා මෙම ස්ථාන ප්‍රදේශයේ ජනතාව අතරේ ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබුණා.
එසේ අඩු මුදලට දෙන රහස සෙවීමට එම ස්ථාන වැටලීමේ දී එහි සුල මුල හෙළිකර ගැනීමට මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ට හැකි වු බව කොටවෙහෙර ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එස්.එම්, ශාකිර් පැවසීය.
කුකුළන් හෙටෙන් කොටා පලුදු කළ බිත්තර කොබෙයිගනේ හා නිකවැරටිය පාම්වලින් තොග වශයෙන් අඩු මුදලට ගෙන ඒවා මෙම ස්ථානවලට තොග වශයෙන් රුපියල් 20- 30 ත් අතර අඩු මුදලට අලෙවි කරන නිසා ඒවායින් සකසන කොත්තු හා රයිස් රටේම පවතින සම්මත මුදලට වඩා අඩු මුදලට මෙහි අලෙවි කර තිබෙන බවට ඒ සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණය කර ගැනීමට ද හැකි වී තිබේ.
මෙම වැටලීමේ දී බිදුණු අසුචී මිශ්‍ර බිත්තර 800 ක් පමණ සොයා ගැනීමට හැකි වු බවත් ඒවා සියල්ල විනාශ කර දමා
එම වෙළද සැල් පවත්වාගෙන යන හිමිකරුවන් හය දෙනෙකු හා කොබෙයිගනේ සිට මෙම ප්‍රදේශවලට ඒවා අලෙවි කරන අවුරුදු 35 ක් පමණ වයසැති ප්‍රධාන පෙලේ ජාවාරම්කාරියත් අත් අඩංගුවට ගෙන ගිවිසුම්වලට අත්සන් ගෙන ඇපමත මුදා හැරීමට පියවර ගත් අතර ඔවුන් සියලු දෙනා ඉදිරියේ දී නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොටවෙහෙර ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එස්.එම්. ශාකීර් මහතාගේ උපදෙස් මත නාලක චන්ද්‍රසේකර හා දිදුල මධුසංඛ දෙපල එක්ව මෙම වැටලීම් සිදුකර තිබේ
පොල්පිතිගම - නන්දන කැලේගම
0 Comments