engineer-husband-death

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියා නිවස තුළ අබිරහස් අයුරින් මියගොස් සිටියදී ඊයේ (11 වැනිදා) දහවල් හමුවූ බව කහතුඩුව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පී. ඒ. පුෂ්පකුමාර නිශ්ශංක 58 යන අයයි.
යාබද නිවසේ පුද්ගලයා ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොවීම හේතුවෙන් තවත් පුද්ගලයකු සමග පැමිණ නිවසේ දොර ජනේලවලට ගසා ප්‍රතිචාරයක් නොවූ හෙයින් නිවසේ ජනේලය විවෘත කරගෙන ඇතුළු වී කාමරය පරීක්ෂාකර ඇත. ඉංජිනේරුවරයා නිවසේ සාලයේ හාන්සි පුටුවක් අසල මුනින් අතට ලේ විලක් මැද මැරී වැටී සිටින අයුරු දැක අසල්වැසියා ඒ බව පොලිසියට පවසා ඇත.

ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

ඉංජිනේරුවරයාගේ මරණය ඝාතනයක්ද ? සියදිවි නසා ගැනීමක්ද? එසේත් නොමැති නම් සාමාන්‍ය මරණයක් ද ? යන්න පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

බිමල් ජයසිංහ - බණ්ඩාරගම