පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.
"දැන් රාජිත සේනාරත්න ඒ පැත්තේ ඉන්න ගමන් දැන් කියනවා මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් මම භාරගන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා අපෙන් කවුරුවත් යන්නෙ නැතෙයි කියලා. අපේ ප්‍රශ්නයක් නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති කරන්න ප්‍රසිද්ධියෙම උදව් කරා රටේ තියෙන ප්‍රශ්න ටික ඉවර කර ගන්න.
මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ රටේ විදුලිය කපන එක නැවැත්තුවේ. අපේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි.
අපි පක්ෂත් එක්ක පක්ෂේ ප්රතිපත්තියත් එක්කයි යන්නේ. රට ඉස්සෙල්ලා ස්ථාවර වෙන්න ඕනේ. රටේ ප්‍රශ්නවලට උත්තර දීලා තමයි අනිත් සියල්ලම කරන්නෙ. අද මොකද හෙළිකොප්ටරේට වෙලා තියෙන්නෙ. කවුරුවත් ඉන්නවද කවුරුවත් නැද්ද කවුරුවත් දන්නෙ නෑ. අපිත් එක්ක ඩීල් දේශපාලනය නැහැ. යන එන මං නැතුව ආවොත් අපි භාරගන්නවා.
අපි බලාපොරොත්තු වෙන්නෙ අපි පිහිටවපු ආණ්ඩුව පරමාර්ථය ඉෂ්ඨ කරන්න මහජනයට පුළුවන්ද කියලා. ඒ කටයුත්ත පුළුවන් නම් ඕන දේකට අපි උදව් වෙනවා."
0 Comments