gampola-accident

ඊයේ (16) ගම්පොළ හෙම්මාතගමදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු කාන්තාවන් දෙන්නෙකු තුවාල ලබා පසුව හක් කාන්තාවක මරණයට පත්ව ඇතැයි පොලිසිය වාර්තා කරයි.


ඊයේ සවස් කාලයේ හෙම්මාතගම පොලිස් වසමේ ගම්පොල - හෙම්මාතගම මාර්ගයේ බලත්ගමුව ප්‍රදේශයේදී ගම්පොල දෙස සිට හෙම්මාතගම දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව අඩි 12 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ රියදුරු හා ඕස්ට්‍රෙලියානු ජාතික කාන්තාවක් දෙදෙනා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේදී එක් කාන්තාවක් මියගොස් ඇත.
මියගිය අය වයස අවුරුදු 67 ක් වන ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකි.
මෘත දේහය ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට හේතුව රියදුරුට නින්දයාම බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.