gmoa-speaks

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ පැවැති මාධ්‍ය හමුවකදී ඖෂධ හිඟය ගැන මෙසේ අදහස් පළවිය.

"සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තියෙන ප්‍රධාන ගැටළුව තමයි ඖෂධ හිඟය. ශල්‍ය උපකරණ හිඟකම. වෛද්‍යවරු ඇතුළු මානව සම්පතේ හිඟය. මේකෙන් පීඩාවට පත්වුනේ රෝගී ජනතාව. අර බීරි අලින්ට වීණා වයන්නාසේ සාකච්ඡා මේසෙදී එකඟ වෙනවා ඉතාම හොඳ යෝජනා කියලා. ඒවා වචන වලට විතරයි මේ වන තෙක් සීමා වෙලා තියෙන්නෙ. ඒවා ඇයි යථාර්තයක් බවට පත් කරගෙන ඒ ගැටළුව නිරාකරණය කරගන්නට අවශ්‍ය ඉදිරි පියවර කරන්නෙ නැත්තේ කියලා අපිට අද තියෙනවා.

මිල අධික ලෙස ඉහළ යාම නිසා රෝගීන් තමන්ට රෝගයට අවශ්‍ය ප්‍රතිකාරය ගන්න හැමවෙලාවෙම පසුබට වෙනවා. ඔවුන්ට නියම කරන ශල්‍ය කර්මය, ඔවුන් නිසි වෙලාවට කර ගන්නෙ නෑ.

දවස් 5කට බෙහෙත් ගන්න කිව්වහම දවසකට දෙකකට විතරයි බෙහෙත් ගන්නේ. ඔවුන්ගෙ අතේ තියෙන මිල මුදලට අවශ්‍ය ප්‍රමාණයට විතරයි ඔවුන් බෙහෙත් ගන්නේ. ප්‍රතිජීවක ඖෂධ නිසි මාත්‍රාවකට ගන්නෙ නැති වුණාම එම ප්‍රතිජීවක ඖෂධ වලට ක්ෂුද්‍ර ජීවීන්ගේ හුරු වීමක් ඇති වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය, සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට ඔවුන්ට මේවා ඇසෙන්නෙ නෑ. ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදයක්. මේකේ දූෂණ වංචා අනන්ත අප්‍රමාණ තියෙනවා. මේ ක්‍රමවේදය නවත්තන්න කියලා පහුගිය අවුරුද්ද මුළුල්ලේ අපි මතක් කරනවා. අද වන විටත් අපි දකින්නෙ නෑ ඒක ක්‍රියාත්මක වන තත්වයක්. සෞඛ්‍ය අමාත්‍යවරයා මේකට ඍජුවම වගකියන්න ඕන."